දේශීය බැතිමතුන් මෙන්ම විදේශීය හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් නල්ලූර් මංගල්‍ය පැවැත්වුණු අතර මංගල්‍ය පැවති කාල සීමාව තුළ ලක්ෂ 7කට අධි...
දේශීය බැතිමතුන් මෙන්ම විදේශීය හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් නල්ලූර් මංගල්‍ය පැවැත්වුණු අතර මංගල්‍ය පැවති කාල සීමාව තුළ ලක්ෂ 7කට අධික පිරිසක් පූජාවන් වෙනුවෙන් සහභාගි වූ බව කෝවිලේ භාරකාර මණ්ඩලය පවසා සිටී.
මෙරට නන් දෙස සිටින හින්දු බැතිමතුන් සේම විදේශගත දමිළ ජනතාව විශාල පිරිසක් මෙවර නල්ලූර් මංගල්‍ය වෙනුවෙන් පැමිණීමද විශේෂත්වයක් වූ අතර අවසන් දේව මෙහෙය වෙනුවෙන් පැමිණි ජනතාව හේතුවෙන් යාපනය නගරයේ දැඩි මාර්ග තදබදයක්ද හට ගෙන ඇති බවට යාපනය පොලීසිය පැවසීය.
දින 25ක කාලයක් පැවති නල්ලූර් වාර්ෂික මංගල්‍ය පූජා කටයුතු අද (21) පැවැත්වෙන දිය කැපීමේ පූජාවෙන් අනතුරුව නිමා කිරීමට නියමිතයි.
නල්ලූර් කොවිලේ දේව පූජාවට පැමිණි බැතිමතුන් කියා සිටියේ සාමාකාමී පරිසරයක් තුලා නිදහසේ සිය ආගමික වතාවත් සිදු කර ගැනීමට දැන් උතුරු කරයට පැමිණීමට සියලු දෙනාට අවස්ථාව උදාවී ඇති බවටයි.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS