කතරගම දේවාලයේ යතුර දේවාලයේ පරම්පරාවෙන් පැවත එන කපු මහතුන්ගේ අතට පමණක් පත්වන පෞරාණික වටිනාකමකින් යුත් භාණ්‌ඩයක් යෑයි කතරගම දේවාලයේ ප්‍රධා...
කතරගම දේවාලයේ යතුර දේවාලයේ පරම්පරාවෙන් පැවත එන කපු මහතුන්ගේ අතට පමණක් පත්වන පෞරාණික වටිනාකමකින් යුත් භාණ්‌ඩයක් යෑයි කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා පැවැසීය. එය නාගයකු නාග මාණික්‍යයක් සුරකිනවා මෙන් සුරකින බවද හෙතෙම සඳහන් කළේය.
මෙම යතුර පිළිබඳව කතරගම දේවාලයේ තේවා භාර කපු මහතා වන ලාල් රාජපක්‍ෂ මහතා අදහස් දක්‌වමින් පැවැසුවේ මෙසේය. දුටුගැමුණු රජතුමා කතරගම දේවාලය ඉදිකර උසස් කුලයකින් පැවත ආ කපු පරම්පරාවට අයත් පිරිසට ප්‍රදානය කළ මෙම යතුර වසර 2000 කට වඩා පැරැණිය. යතුර අත ගැටීමටවත් සාමාන්‍ය අයකුට ලැබෙන්නේ නැහැ.
කතරගම දේවාලයේ පරම්පරාවෙන් පැවත එන කපු මහතුන්ගේ සුරතට මෙම යතුර ලබාදේ. ඒ සඳහා කතරගම දේවාලයේ මාසයක් භාර ගන්නා කපු මහතාට දේවාලයේ ඇතුල් මාලිගය තුළදී අදාළ මාසයේ දෙවියන්ගේ පූජාව සිදුකිරීමට මෙම යතුර හිමිවේ. මෙම යතුර ධාතු කරඬුවක් මෙන් සකස් කළ මංජුසාවක තැන්පත් කර එම මංජුසාවද තවත් විශේෂිත වූ යකඩ අල්මාරියක තැම්පත් කර පූජාව පැවැත්වෙන වේලාවන්හිදී දේවාලය විවෘත කර පසුව දේවාලය වසා තබන අවස්‌ථාවේදී නැවත රැගෙනවිත් මෙම මංජුසාවේ තැන්පත් කරනවා.
යම් හෙයකින් කපු මහතා සුළු වේලාවකට හෝ දේවාලයෙන් පැමිණෙන විටදී මෙම යතුරද රැගෙන විත් අදාළ මංජුසාවේ තැන්පත් කර නැවත රැගෙන යනවා. දේවාලයේ පාරම්පරික කපු මහතුන් විසින් තම මාසය ළංවන විටදී කිළිකුණු වලින් පේවී සිට දේවාලයේ මාසය භාර ගන්නා කපු මහතුන් අතින් අත පමණක් මෙම යතුර මේ දක්‌වා හුවමාරු වී තිබෙනවා.
දිවයින – 2017.08.26

COMMENTS