දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පැතිරෙන කටකතාවලට තාරුකාගෙන් උත්තර.
Homeප්‍රවෘත්ති

පැතිරෙන කටකතාවලට තාරුකාගෙන් උත්තර.

PropellerAds

• මේ දවස්වල තාරුකා කාර්යබහුල වෙලාද? ටිකක් විතර කාර්ය බහුලයි. පත්තිනි ටෙලි නාට්‍යයේ එක ෂෙඩුල් එකක් ඉවර කළා. ඊට අමතරව පිනිදිය වැස්ස කියලා අ...

කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක් - මංගල
ජනාධිපතිගේ කතාව සම්පූර්ණ නිවැරදියි.. මහ බැංකුව වැරදියි - හිටපු මහ බැංකු ලොක්කා කියයි
කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක් - මංගල

• මේ දවස්වල තාරුකා කාර්යබහුල වෙලාද?

ටිකක් විතර කාර්ය බහුලයි. පත්තිනි ටෙලි නාට්‍යයේ එක ෂෙඩුල් එකක් ඉවර කළා. ඊට අමතරව පිනිදිය වැස්ස කියලා අලුත් ටෙලි නාට්‍යයක මේ දවස්වල වැඩ කරනවා.

• තාරුකා එක කාලයක අඩුවෙන් ටෙලි තිරයේ පේන්න ඉද්දී තවත් කාලයක වැඩිපුර ටෙලි තිරයේ දකින්න ලැබෙනවා. එහෙම වෙන්නේ කාලෙන් කාලෙට වැඩ අඩුවැඩි වෙන නිසාද?

ඒක මම හිතලා කරන දෙයක් නෙමෙයි. මම දිගටම රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. එක කාලයක් ගොඩක් අය මටත් කිව්වා ඔයා හැම නාළිකාවෙම පේන්න ඉන්නවානේ කියලා. රූගත කරන සමහර නාට්‍ය එක දිගට විකාශය වෙනකොට තමයි මාව නිතරම දකින්නේ.

• කාලෙන් කාලෙට එක එක ශිල්පිනියන්ට ලැබෙන වැඩ, අඩු වැඩි වෙනවා. හැබැයි තාරුකාට නම් වැඩවල අඩුවක් නැහැ නේද?

සමහර අයට ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලේදී වැඩ අඩුයිනේ. හැබැයි මට ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඉඳන් වැඩ ලැබුණා. මට වැඩවල නම් අඩුවක් දැනිලා නැහැ.

• වැඩ වැඩිපුර ලැබෙන්න ක්‍ෂේත්‍රයේ විශේෂ හැඳුනුම්කම් තියෙන්න ඕනෙලු. තාරුකාට වැඩ ලැබෙන්නේ විශේෂ හැඳුනුම්කම් නිසාද?

මට නම් එහෙම විශේෂ හැඳුනුම්කම් නැහැ. කලාකරුවන්ව වුණත් මම එහෙම ලොකුවට ආශ්‍රය කරන්නේ නැහැ. ඒ ඔවුන්ගේ වැරැද්දක් නිසා නෙමෙයි. මට ඔවුන්ව සමීපව ඇසුරු කරන්න වෙලාව අඩු නිසා. සමහරු කියනවා සහාය අධ්‍යක්‍ෂවරු සමීපව ඇසුරු කළොත් එයාලා ඒ කලාකරුවන්ව වැඩවලට යෝජනා කරනවා කියලා. මාව කවුරු හරි වැඩවලට යෝජනා කරනවාද කියලා දන්නේ නැහැ. මට නම් වැඩ ලැබෙන්නේ කවුරුත් එක්ක විශේෂ සම්බන්ධකම් තියාගෙන නෙමෙයි.

• තාරුකා දැන් එක නාළිකාවකට වැඩිපුර කොටුවෙලා කියලාත් සමහරු කියනවා?

එක නාළිකාවක පේන්න ඉද්දි එක නාළිකාවක් බදු අරගෙන කියලා සමහරු කියනවා තමයි. ඒක ඉතිං මට කරන්න දෙයක් නැහැ. අපි ඉන්න නාට්‍ය විකාශය වෙන විදියත් එක්ක තමයි ඔය කියන දේ තීරණය වෙන්නේ. කොහොම වුණත් මම එක නාළිකාවකට කොටු වෙලා කියන එක ඉදිරියේදී වෙනස්වෙයි.

• ගොසිප් වලින් බේරිලා හිටපු තාරුකාත් දැන් ගොසිප් වල ගොදුරක් වෙලා නේද?

මම පසුගිය කාලේ වැඩිපුර නිර්මාණවල පේන්න හිටියා. ඒ නිසා ඔය කතා හදන අය ඉක්මනින් Views වැඩි කරගන්න මාවත් තෝර ගන්නවා ඇති. මම නම් ඔය ගොසිප් ඔළුවට ගන්නේ නැහැ.

• ඒත් ඔබ නාළිකා ප්‍රධානියෙක් එක්ක සම්බන්ධයක පැටලිලා කියලා දැන් කතා පැතිරෙන්න අරගෙන මොනවද මේ කතා?

ඔය වගේ කතා හදන අය තමයි ඔය කතාවල තේරුම දන්නේ. මම ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලේවත් දැන්වත් නිර්මාණ ගන්න හරි, ක්‍ෂේත්‍රයේ රදා පවතින්න හරි කා එක්කවත් වැරැදි ගනුදෙනුවක් කරලා නැහැ. එහෙම සම්බන්ධතාවක් පවත්වා ගෙන මට ලබා ගන්න දෙයක්වත් ප්‍රයෝජනයක්වත් නැහැ. වැරැදි සම්බන්ධතා හදාගෙන දිග ගමනක් යන්න මට ඕනේ නෑ. මට ඕනේ තාරුකා කියන නම හොඳින් තියාගෙන මේ ගමන යන්න.

• ඒ කියන්නේ මේ කතාවල පදනමක් නැද්ද?

ඒවා කිසි දෙයක් පදනමක් නැතුව හදන කතා. ඔය කතා පිටිපස්සේ තියෙන්නේ ඊර්ෂ්‍යාව. මම ඔය කතා හදන අයට අනුකම්පා කරනවා. මම යම් තැනක ඉන්න නිසා තමයි මාව වට්ටන්න ඔය වගේ කතා හදන්නේ. හැබැයි මාව වට්ටන්න බෑ. මං වැටෙන්නෙත් නෑ. මම හිතට අවංකව වැඩ කරන්නේ. ඒ නිසා භය වෙන්න දෙයක් නෑ.

• විශේෂ කෙනෙක් තාරුකාට අපාර්ට්මන්ට් එකක් අරන් දීලා කියන කතාව අෑඳුණෙත් නාළිකා ප්‍රධානියා එක්ක සම්බන්ධයක් තියෙනවා කියන කතාවත් එක්ක නේද?

මටත් ඔය වගේ කතාවක් පැතිරෙනවා කියලා දැනගන්න ලැබුණා. තව මොන මොන කතා යනවාද දන්නේ නැහැ. ඕන කෙනෙක්ට ඕන කතාවක් කියන්න දීලා මම පාඩුවේ වැඩ කරගෙන යනවා. එක තැන පල්වෙන අය තමයි ඔය වගේ කතා හදන්නේ. මට එක තැන පල්වෙන්න ඕනේ නෑ. මම හොද ගමනක් ඉදිරියට යනවා.

• දැන් තාරුකාට සිනමාවටත් අවස්ථා ජයයි නේද?

ඔව්. සිනමාවටත් අවස්ථා ලැබෙමින් පවතිනවා. රීලෝඩ් කියලා චිත්‍රපටයක් කරන්න ලැබුණා. තව චිත්‍රපටයකට ආරාධනා ලැබිලත් තියෙනවා.

• සිනමා තාරුකාවක් වෙන එක ලේසි නෑ. තාරුකාට මේ යුගය නියෝජනය කරන සිනමා තාරුකාව වෙන්න පුළුවන් වෙයිද?

එහෙම නියෝජනය කරන්න පුළුවන් වුණොත් හොඳයි. ඒක වාසනාවක්. සිනමාවේ තරුවක් වෙන්න අමාරුයි. හැබැයි ඒකට උත්සාහ කරනවා.

• දැන් තාරුකාගේ ජීවිතේ විශේෂ කෙනෙකුත් ඇති?

අපේ ගෙදරින් නම් දැන් මාව බන්දලා දෙන්න ඕන කියන තීරණේ අරගෙන කෙනෙක් හොයනවා. හොඳ කෙනෙක් තාම ලැබුණේ නම් නෑ.

• හැබැයි තාරුකාට ප්‍රේම ආරාධනා නැතුව නෙමෙයිනේ?

ප්‍රේම ආරාධනා නම් ලැබෙනවා. හැබැයි ඒවට මම ප්‍රතිචාර දක්වන කෙනෙක් නෙමෙයි. ඒකට මම බයයි වගේම ලැජ්ජයි. හොඳ කෙනෙක් ලැබුණොත් ඒ ගැන හිතලා බලනවා.

-තිළිණි කෞශල්‍යා විජේසිංහ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පැතිරෙන කටකතාවලට තාරුකාගෙන් උත්තර.
පැතිරෙන කටකතාවලට තාරුකාගෙන් උත්තර.
http://ift.tt/2uQPzqN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_786.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_786.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy