අගමැතිවරයාගේ මැදිහත් වීමෙන් පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා 25% ක කෝටාවක් ලබා දුන්නද මේ වන විට 60% ක් ජන්දයෙන් හා 40%ක්...
අගමැතිවරයාගේ මැදිහත් වීමෙන් පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා 25% ක කෝටාවක් ලබා දුන්නද මේ වන විට 60% ක් ජන්දයෙන් හා 40%ක් සමානුපාතික ක්‍රමය යටතේ නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පනත සංශෝධනය වී ඇති බවයි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ. මෙම සංශෝධනය තුළ කාන්තා නියෝජනය ඉහළ නොයන අතර කාන්තාව දේශපාලනයට පිවිසීමේ මඟ අහුරන බව ඇය පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හොත් ඊට එරෙහිව තමන් ජන්දය භාවිතා කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේය. අතීතයේ සිදුවූ වරද නිවැරදි කරමින් කාන්තාවට හිමි වූ 25% කෝටාව අහිමි කිරීමට මැදිහත් නොවන ලෙස ඇය විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගෙන් ඉල්ලා සිටියාය.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=kw6Ln8XKlwo[/youtube]
COMMENTS