දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපරාධ මැඩලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි - පූජිත් ජයසුන්දර
Homeප්‍රවෘත්ති

අපරාධ මැඩලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි - පූජිත් ජයසුන්දර

PropellerAds

  අවිආයුධ සංසරණය වැළැක්වීම, නීති විරෝධී මධ්‍යසාර හා සියලුම මත්ද්‍රව්‍ය මර්ධනය කිරිමට, අපරාධ වැළැක්වීම සදහා මෙහෙයුම් හා බුද්ධි අංශ තොරතුර...

සිංහල දෙමල මුස්ලිම් කියා වෙනම නීති බෑ.. මීලග පොහොට්ටු ආණ්ඩුවෙන් හැමෝටම එක් නීතියක් !
president election
එජාප නායකයන් නිගණ්ඨයන්.. බැංකු හොරුන්.. සෙරෙප්පුවෙන් ගහලා පාර දිගේ එලවනවා - මන්ත‍්‍රි විජේදාස අගමැති රනිල්ට උපරිම හරුපයෙන් අමතයි
අපරාධ මැඩලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි - පූජිත් ජයසුන්දර

 

අවිආයුධ සංසරණය වැළැක්වීම, නීති විරෝධී මධ්‍යසාර හා සියලුම මත්ද්‍රව්‍ය මර්ධනය කිරිමට, අපරාධ වැළැක්වීම සදහා මෙහෙයුම් හා බුද්ධි අංශ තොරතුරු මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු යටතේ මෙම නව ඒකකය ක්‍රියාත්මක වන බව 150 වන පොලිස් දින සැමරුම නිමිත්තෙන් ඉකුත්දා (අගෝස්තු 26) මහනුවර දී පැවැති උත්සවයේදි පොලිස්පතිවරයා මේ බව කීවේය.

අපරාධ මැඩලීම සදහා දිවයිනේ පොලිස් ස්ථානවල ක්‍රියාත්මක සාමාන්‍ය වැඩපිළිවෙලට අමතරව නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවත් ඒ සදහා සුදුසු නිතිමය ප්‍රතිපාදන හා අවසරය ඔවුන්ට ලබා දී ඇතැයි පොලිස්පතිවරයා පැවසීය.

නීතිය හා සාමය සුරක්ෂිත කිරීමේදී විවිධ හේතුමත පොලිස් නිලධාරී හා නිලධාරිනියන් 3117ක් දෙනෙකු පසුගිය වසර 150ක කාලය තුළ ජිවිත පරිත්‍යාග කර ඇති බව ගෞරව බහුමානයෙන් යුතුව සිහිපත් කරන බව කී පොලිස්පතිවරයා, ඔවුන් පොලිස් සේවය සදහා එක් කොට ඇත්තේ අමරණීය නාමයක් යැයි ද කීවේය.

වසර 150ක පොලිස් ඉතිහාසයේ ගතවූ වසර 50 ක කාලය අභියෝග රැසකට මුහුණදීමට වූ කාලයක් යැයි කී ඒ මහතා එම කාලය තුළ ලද ජයග්‍රහණ හා අත්දැකීම් අසීමිත යැයි ද ප්‍රකාශ කළේය.

රථ වාහන පාලනය විධිමත් කිරීමටත්, වැඩිවන ජන සංඛ්‍යාව හා ඉහළ යන රථවාහන ප්‍රමාණයට සාපේක්ෂව රිය අනතුරු අවම කර ගැනීම සදහා පොලිස් නිලධාරීන් විශාල කැපකිරීමක් කරන බව කී පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් මෙසේ කීවේය.

ළමා හා කාන්තා ආරක්ෂාව, ගෘහස්ථ හිංසනය, ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සදහා ද පොලිස් නිලධාරීන් විශාල කාර්යයභාරයක් සිදුකරනවා. පරිසර ආරක්ෂාව, වෙරළ සංරක්ෂණය, නීති විරෝධී දැව ජාවාරම, අනවසර පතල් කැණීම හා වැලි ගොඩ දැමීම වැළැක්වීම, කුඹුරු හා වගුරු බිම් ගොඩකිරිම වැළැක්වීම සදහා ද චූදිතයන් නීතිය හමුවට ඉදිරිපත්කිරීමට පොලිසිය ක්‍රියාකරනවා.

ශ්‍රී ලංකා පොලීසියට වසර 150ක් පිරීම නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක් අප සංවිධාන කළා. අන්තර් ජාතික පොලිස් නිලධාරීන්ගේ සමුළුව පැවැත්වීම, මහජන සහභාගීත්වය මගින් ප්‍රජා පොලිස් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා පොලිස් ස්ථාන 484ක් සම්බන්ධ කර ගනිමින් ජංගම පොලිස් සේවාව ක්‍රියාත්මක කොට මේ දක්වා එය පැවැත්වීම, රුපියල් කෝටි 80ක වියදමින් සමාජ සුභ සාධන කටයුතු සිදු කිරීමත් මේ යටතේ සිදුකළා.
එමෙන්ම වර්ෂ 2015දී සියයට 60ක් වූ අපරාධ විසදීමේ ඉලක්කය 150 වන පොලිස් දින සැමරුම නිමිත්තෙන් 70% දක්වා ඉහළ නැංවූ අතර එය මේ වන විට 75% දක්වා ඉහළ නංවන ලෙස මම උපදෙස් ලබා දුන්නා. ඒ සදහා දිනපතා කරුණු වාර්තා කරමින් විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතයි.

සාක්ෂි ලබා ගැනීමේදී තාක්ෂණය භාවිත කිරීම, අපරාධ මැඩලීම හා විමර්ශන කටයුතු සදහා ස්වයංක්‍රීය පරිගණක තාක්ෂණය යොදා ගැනීම සිදුකරනවා. මතින් තොර රටක් බිහිකිරීම සදහා ජනාධිපතිවරයා ලබාදී ඇති ඉලක්කය අනුව ක්‍රියාකිරීමට ද පොලිසිය මේ වන විට කටයුතු කරමින් සිටින බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

නුවර නදීක දයා බණ්ඩාර

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපරාධ මැඩලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි - පූජිත් ජයසුන්දර
අපරාධ මැඩලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි - පූජිත් ජයසුන්දර
http://ift.tt/2wS2OYf
https://i.ytimg.com/vi/BZggN647F_o/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_748.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_748.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy