දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

විභාග ශාලාවේ හදිසි තීරණයක් ගැනීම

විභාගය ආරම්භ කිරීමට විනාඩි දහයක් පමණ වන විට අයදුම් කරුවන් සියලු දෙනාම පාහේ ශාලාවට පැමිණ සිටියහ. අවසාන විනාඩි කිහිපය තලදී ප්‍රශ්න පත්‍ර පැ...

විභාග ශාලාවේ හදිසි තීරණයක් ගැනීම
විභාගය ආරම්භ කිරීමට විනාඩි දහයක් පමණ වන විට අයදුම් කරුවන් සියලු දෙනාම පාහේ ශාලාවට පැමිණ සිටියහ. අවසාන විනාඩි කිහිපය තලදී ප්‍රශ්න පත්‍ර පැකට්ටුව විවෘත කිරීමට සැරසෙන විටම, වැඩිහිටියෙකු සමග පැමිණි අයදුම් කරුවෙකු අප සිටි තැනට පැමිණ යමක් පැවසීමට උත්සාහ කරන විට, අතින් කළ සංඥාවක් මගින්  ඔවුන් නතර කර,  නිරීක්ෂක වරුන්ගේද සහාය ඇතිව වාඩිවී සිටි අයදුම් කරුවන්ට  ප්‍රශ්න පත්‍රය බෙදීමට පටන් ගත්තෙමි. මේ සඳහා විනාඩි කිහිපයක් ගතවිය. ප්‍රශ්න පත්‍රය බෙදා අවසන් කළ වහාම ශාලාධිපතිට වැදගත්ම වැඩ කටයුතු කිහිපයක් තිබේ. පැමිණීමේ ලේඛනය ලකුණු කිරීම, අයදුම් කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම, ලකුණු ලැයිස්තු සකස් කිරීම මෙයින් කිහිපයකි. ඒ සියල්ල තිබියදී මම පැමිණ සිටින අමුත්තන් සමග කතා කිරීමට ශාලාවේ ආලින්දයට ගියෙමි.
 
‘විභාග ශාලාවට පැමිණියේ මොකද ?’ මම ඔවුන්ගන් ඇසුවෙමි.
 
සිංහල නොදන්නා බව ඇඟවූ අමුත්තා ඉංග්‍රීසියෙන් කතා කළේය.
 
‘We are from Jaffna. Came by night train. The train was late by two hours. That’s why we are late ‘       
‘අපි යාපනේ. ඊයේ රෑ කෝච්චියේ ආවේ. කෝච්චිය පැය දෙකක් පමාවෙලයි කොළඹට ආවේ.  මෙතනට ඒමට ප්‍රමාද වූවේ ඒකයි.’ පියා කීවේය.
 
වැඩිහිටි අමුත්තා සමග සිටි තරුණයා දෘශ්‍යාබාධීත  තරුණයෙකි. ඔහු පැමිණ සිටියේ විභාගයට පෙනී සිටීමටය.
මම වහාම නාම ලේඛනය පරීක්ෂා කළෙමි. ඔහුගේ නම ලේඛනයේ තිබේ. හැඳුනුම් පත සහ විභාගයට ඇතුළත්වීමේ ලිපිය පරීක්ෂා කළ මම, ඔහුට යාබද කාමරයේ හිඳ  ගැනීමට සලස්වා, ඔහු සමග සිටි, වැඩිහිටි පුද්ගලයා වන ඔහුගේ පියාට, ශාලාවෙන් පිටත වාඩිවී සිටීමට උපදෙස් දුනිමි. එම විභාග අපේක්ෂකයා යාපනයේ ද්‍රවිඩ තරුණයෙකි. සිංහල කිසිවක් නොදනී. ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටීමට අයදුම් කර තිබේ. චතුර ලෙස ඉංග්‍රීසි කථාකළ ඔහු බ්‍රේල් උපකරණයක් සහ අවශ්‍ය බ්‍රේල් කඩදාසි ද  ගෙනැවිත් තිබිණ.
 
මෙවැනි දෘශ්‍යාබාධීත අයදුම් කරුවෙකු සිටින බවට කිසිම තොරතුරක් විභාග ශාලාධිපති වන, මා වෙත සපයා නොතිබුණි. බ්‍රේල් ප්‍රශ්න පත්‍රද නොමැත. දැන් කාලයද විනාඩි දහයක් පමණ පසුවී ඇත. මෙම ගැටලුව පිළිබඳව ඔහු සමග සුහදව කථා කළ විට ප්‍රශ්න පත්‍රය ඉංග්‍රීසියෙන් කියවුවහොත් ඔහුට බ්‍රේල් යන්ත්‍රයෙන්, ඔහු ගෙනවිත් තිබුණු බ්‍රේල් කඩදාසි වල සටහන් කර ගත හැකි බව කීවේය.
 
මෙය මට මහත් අස් වැසිල්ලක් විය.
 
ශාලාධිපති ලෙස, මට නියමිත වැඩ කටයුතුද වහාම කළ යුතු නිසා, නිත්‍ය නිරීක්ෂක වරිය කැඳවු මා ප්‍රශ්න පත්‍රය කියවීම ඇයට පැවරීමට සුදානම් වුයෙමි. ඇයට ඉංග්‍රීසි කියවීමේ දුෂ්කරතාවක් ඇති බව කීවාය. අනිකුත් නිරික්ෂක වරුන්ගේ ප්‍රතිචාරයද එයම විය. 
 
මට නියමිත විභාග ශාලාවේ අත්‍යවශ්‍ය වැඩ කටයුතුද පමාකළ නොහැකිය. මෙම අයදුම් කරුට ප්‍රශ්න පත්‍රයද දිය යුතුමය. ඒ සමගම විභාග දෙපාර්තමේන්තුව අමතා විසඳුමක්ද ලබා ගත යුතුය. (ඒ කාලයේ ජංගම දුරකථන නොතිබුණි)
 
විදුහලේ කාර්යාලයෙන් විභාග දෙපාර්තමේන්තුවේ හදිසි අංශය අමතා, මෙම සිද්ධිය දන්වන ලෙස එක් නිරීක්ෂක වරයෙකුට පැවරුවෙමි.
 
ප්‍රධාන ශාලාව නිත්‍ය නිරීක්ෂක වරියට සහ තවත් එක නිරික්ෂකවරයෙකුට පවරා, දෘශ්‍යාබාධීත අයදුම් කරු වෙත ගියෙමි. දැන් විභාගය ආරම්භකර විනාඩි විස්සක් පමණ ගතවී තිබේ.
 
‘වීභාග ශාලාවකට පැමිණෙන අව්‍යාජ අයදුම්කරුවෙකුට කුමන හේතු තිබුනත් විභාගයට පෙනී සිටීමට ඉඩකඩ සැලැස්විය යුතුය. අනිකුත් සියලුම ගැටළු පසුව තෝරා බේරා ගත හැකිය’ යනුවෙන්  අපට ලැබී තිබුණු මහඟු උපදෙස අනුගමනය කිරීමට තීරණය කළ මා, දෘශ්‍යාබාධීත අයදුම් කරු සමග කථාකර,
 
‘මම ප්‍රශ්න පත්‍රය කියවන්නම් ඔබ එය බ්‍රේල් කඩදාසි වල සටහන් කරගන්න’
 
කියා ඔහු ළඟ තිබුණු කඩදාසි පරීක්ෂා කර බලා, ඒවායේ කලින් කළ සටහන් නොමැති බවට‍ සෑහීමට පත්වී, එම කඩදාසි වල ඉහල දකුණු කොනේ, මගේ කෙටි අත්සන යොදා, ඔහුට දුන්නෙමි.
ඔහු ළඟ තිබුණේ කඩදාසි දෙකක් පමණකි.
ප්‍රශ්න පත්‍රයේ කොටස් සතරකි. එක කොටසක ප්‍රශ්න හතර බැගින් ප්‍රශ්න දහසයකි. එක් කොටසකින්  ප්‍රශ්න එක බැගින් තෝරාගෙන ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සැපයීමට උපදෙස් දී තිබේ.
 
මම උපදෙස් පැහැදිලිව කියවුවෙමි. ඔහු අසා සිටිනවා පමණකි.
 
‘ඇයි, ........  සටහන් කර ගන්නේ නැද්ද?’ මම ඇසුවෙමි.
 
තම කණ දෙසට ඇඟිල්ල දිගු කල ඔහු තමා අසාගෙන සිටින බව ඇඟවීය.
 
මම පළමුවන ප්‍රශ්නය කියවුවෙමි. ඔහු නිහඬය. ඊළඟ ප්‍රශ්නය  කියවන ලෙස ඔහු ඇඟිලි දෙකකින් සංඥාවක් කළේය. එයටත් ඔහු නිහඬය. ඔහුගේ නිශ්ශබ්දතාව මට ගැටලුවකි. මම තුන්වන ප්‍රශ්නය කියවන විට ම්හු මා කියවන වේගයෙන්ම බ්‍රේල් ටයිප් කරන්නට විය.
 
‘හතරවන ප්‍රශ්නය එපා. ඊළඟ කොටසට යන්න’ ඔහු සෙමින් කීවේය.
 
මේවන විට විභාග දෙපාර්තමේන්තුවට පණිවුඩය දීමට පැවරු නිරීක්ෂක වරයා පැමිණ පණිවුඩය භාරගත් බවත් අවශ්‍ය සියලුම දේ රැගෙන නිලධාරියෙක් පැය භාගයක් ඇතුලතදී පැමිණෙන බවත් දැන්වීය. එසේ පැමිණෙන නිලධාරියා මා සමග එකට වැඩ කරන අයෙකි.
 
අයදුම්කරු දෙවන කොටසේ  ප්‍රශ්න කිසිවක් සටහන් කර ගත්තේ නැත.
 
‘සෑම  කොටසකින්ම එක ප්‍රශ්නයක් තෝරා ගන්නට ඕනෑ නේද?’ මම ඔහුට මතක් කළෙමි.
 
‘මම දන්නවා. කරුණාකර දෙවන කොටසේ පළමුවෙනි ප්‍රශ්නය නැවත කියවන්න.’ ඔහු ඉල්ලා සිටියේය.
 
මම එය නැවත කියවීමි. මා කියවන වේගයෙන්ම, ඔහු බ්‍රේල් යන්ත්‍රය ක්‍රියාත්මක කළේය.
 
මේ ආකාරයට තුන්වන සහ හතරවන කොටස් වලින්ද ඔහුට අභිමත ප්‍රශ්න තෝරාගෙන සටහන් කර ගත්තේය.
 
‘තෝරාගත් ප්‍රශ්න නැවත කියවන්නට අවශ්‍යද? ‘ මම ඔහුගෙන් ඇසීමි.
 
‘නැහැ. මම සටහන් කර ගත් ඒවායින් කියවන්නම්. කරුණාකර, හරිද කියා ප්‍රශ්න පත්‍රයෙන් බලන්න’ යයි කී ඔහු
 
පියවි ඇසින් බලාගෙන කියවන වේගයෙන්ම ඇඟිලි තුඩු හසුරුවමින් සටහන් කරගත් ප්‍රශ්න සියල්ලම කියවීය.
ඔහු සටහන් කරගත් ප්‍රශ්න වල කිසිම අඩුවක් නොවිය.
 
මම ඔහුට සුබ පැතීමි. ඔහු මඳ සිනහවක් පා
 
’ඔබට ඉතාමත් ස්තුතියි’  කියා
 
බ්‍රේල් යන්ත්‍රය මත ඇඟිලි වේගයෙන් හසුරුවන්නට පටන් ගත්තේය, ඒ වන විට විනාඩි හතලිහක් පසුවී තිබිණ. ඔහුට එවෙලේ සිට නියමිත කාලය ලැබෙන බව පවසා මම අතපසුවූ මගේ රාජකාරි වැඩ කොටස ආරම්භ කළෙමි.  
 
මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ මගේ රාජකාරි මිතුරා අවශ්‍ය සියලු  දේ රැගෙන පැමිණියේය. දෘශ්‍යාබාධිත අයදුම්කරුගේ ඉතිරි නිරීක්ෂණ කටයුතු සියල්ල භාරගත් ඔහු,  මගේ ඉතිරි වැඩ කටයුතු කරගන්නා ලෙස  ඉල්ලා සිටියේය.
 
සිද්ධිය පිළිබඳව කෙටි ජර්නල් සටහනක්  වහාම ලියා තැබූ මම, කඩිනමින් මගේ ඉතිරි වැඩ කටයුතු පටන් ගත්තෙමි.
 
පැයකින් පමණ විභාගයට අදාළ මගේ සියලු කටයුතු අවසන් කර, මෙම විශේෂ අයදුම්කරු සිටින ස්ථානයට ගියෙමි. ඒ වන විට ඔහු කඩදාසි හත අටක්ම බ්‍රේල් වලින් අවසන් කර තිබුණි.
 
නියමිත කාලය අවසානයේදී, උත්තර පත්‍ර එකතු කර ගැනීමෙන් පසුව, සියලුම අයදුම් කරුවන් සාවධානව ශාලාවෙන් පිටවී ගියහ.
 
‘ඔබට තව විනාඩි හතලිහක් තිබෙනවා’ මම ආබාධිත අයදුම්කරුට දැන්වීමි.
 
අවසන්කර තිබුණු උත්තර පත්‍ර එකින් එක ගෙන ඒ මත ඇඟිලි තුඩු වේගයෙන් මෙහෙය වූ ඔහු, සෑම පිටුවකම දකුණු පස ඉහල කෙලවර හොඳින් ස්පර්ශ කර කඩදාසි අංක පිළිවෙලට ගොනු කර, සපයා තිබුණු නූල් කැබෙල්ලෙන් එකට ගැට ගැසීය. තව විනාඩි කිහිපයක් කල්පනා කරමින් සිටි ඔහු
 
‘මම පිළිතුරු සැපයීම අවසානයි. එළියට යන්නට පුලුවන්ද?’ කියා මගෙන් ඇසීය
 
‘තව පැය භාගයක්‌ පමණ තිබෙනවා. වැඩ අවසාන නම් යන්නට පුළුවනි.’ මම කීවෙමි.
 
ඔහු නැවත වරක් අපට ස්තුති කර ශාලාවෙන් පිටවිය. ඔහුගේ පියාද ශාලාවේ අප සිටි තැනට පැමිණ අප සියලු දෙනාටම ස්තුති කළේය.
 
ක්ෂණිකව විසඳා ගත යුතු ගැටළු රාශියක් එවලේම විසඳා, ඉතාම තීරණාත්මක විභාගයක අයදුම් කරුවෙකුට, කරදර බාධක මධ්‍යයේ වුවද, විභාගයට පෙනී සිටීමට ඉඩකඩ ලබාදීමට හැකිවීම ගැන අපි සතුටට පත්වීමු.
 
මෙහිදී, සංවිධාන කටයුතු වලදී වරදක් සිදුවී ඇති බව පැහැදිලිය. අයදුම් කරු තම විභාග අයදුම් පත්‍රයේ තමා දෘශ්‍යාබාධිත බව සඳහන් කර නොමැතිනම් එය ඔහුගේ වරදකි. ඔහු එසේ සඳහන් කර තිබේ නම්, විභාගය සංවිධානයේදී එය නොසලකා හැර තිබීම බරපතල වරදකි.
 
කෙසේ වෙතත්, අයදුම් කරු අසහනයකට පත්නොවී, විභාගයට පෙනී සිට උත්තර පත්‍රයක් ලබාදීම නිසා තිබිය හැකි සියලු අඩු ලුහුඬු කම් මගහැර ගැනීමට අපට හැකිවිය. වරදක් සිදුවී තිබේනම් පසුව කරනු ලබන  විමර්ශන වලින් ඒවා හෙළිදරවු කරගත හැකිය.
 
මෙම අයදුම් කරු විභාගය සමත් වී ඇති බව පසුව දැන ගතිමි.
 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විභාග ශාලාවේ හදිසි තීරණයක් ගැනීම
විභාග ශාලාවේ හදිසි තීරණයක් ගැනීම
http://ift.tt/2w2Cmuo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_712.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_712.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy