කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ෂිකාර් ධවාන් සහ ලෝකේෂ් රාහුල් පළමු කඩුල...
කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ෂිකාර් ධවාන් සහ ලෝකේෂ් රාහුල් පළමු කඩුල්ල සඳහා ලකුණු 188 ක් රැස් කිරීමට සමත් විය.
ෂිකාර් ධවාන් නැවතත් වේගවත් ශතකයක් වාර්තා කළ අතර ඔහුගේ ලකුණු 119 සඳහා වැයවූයේ පන්දු 123 ක් පමණි. රාහුල් ලකුණු 185 ක් ලබා ගත්තේය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් අනතුරුව කිසිදු පිතිකරුවෙකුට පිටියේ ස්ථාවරවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර නායක කෝලි පමණක් ලකුණු 42 ක් ලබා ගත්තේය.
දිනය අවසන් වනවිට ව්‍රිද්දිමාන් සහා (13) සමග හර්දික් පාන්ඩ්‍යා (01) කඩුල්ලේ රැඳී සිටී.
පෙර තරගයේදී ටෙස්ට්වරම් හිමිකර ගත් මලින්ද පුෂ්පකුමාර, රංගන හේරත්ගේ අඩුව පුරවමින් මෙම තරගයේදී හොඳින් දස්කම් දක්වමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූ අතර ලක්ෂාන් සඳකැන් කඩුලු 2 ක් සහ විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳහෙළීමට සමත් විය.
COMMENTS