දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනරාල් ජගත් ජයසූරිය මහ රෑ බ්‍රසීලයෙන් පළා යයි- රාත්‍රියේ ලංකාවට.
Homeප්‍රවෘත්ති

ජනරාල් ජගත් ජයසූරිය මහ රෑ බ්‍රසීලයෙන් පළා යයි- රාත්‍රියේ ලංකාවට.

PropellerAds

අවසන් සටනේ වන්නි අණ දෙන නිලධාරියා වූ ජනරාල් ජගත් ජයසූරිය, යුධ අපරාධ නඩුවකින් බේරීම පිණිස පෙරේදා රාත්‍රියේ බ්‍රසීලයෙන් පළාගොස් ඇත. ජනරාල්...

අවසානයේ ගොදුර දරුවෙකි!
ජනමාධ්‍ය ක්ෂේත්‍රයත් ප්‍රතිසංස්කරණය විය යුතුයි - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
නාමල් FCIDයට තර්ජනය කරලා

අවසන් සටනේ වන්නි අණ දෙන නිලධාරියා වූ ජනරාල් ජගත් ජයසූරිය, යුධ අපරාධ නඩුවකින් බේරීම පිණිස පෙරේදා රාත්‍රියේ බ්‍රසීලයෙන් පළාගොස් ඇත.

ජනරාල් ජගත් ජයසූරිය 2015 වසරේ පටන් බ්‍රසීලයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය විඳිමින් පසුවිය. මේ වන විට ඔහු ඩුබායි හරහා ලංකාවට පැමිණෙමින් සිටින අතර, ඔහු ලංකාවට ගොඩ බැසීමට නියමිත ය. යුද්ධයේ අවසන් දිනවලදී සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය, අතුරුදන් කිරීම, වධහිංසා පැමිණවීම සහ රෝහල් වලට පහරදීම වැනි චෝදනා සම්බන්ධයෙන් හිටපු හමුදා ජනරාල්වරයාට එරෙහිව යුධ අපරාධ නඩු පැවරීමට දකුණු ඇමරිකානු මානව හිමිකම් සංවිධාන කටයුතු කර තිබේ.

2007-2009 සමයේ වන්නි මෙහෙයුමේ අණ දෙන නිලධාරියා වශයෙන් කටයුතු කිරීමෙන් අනතුරුව ජගත් ජයසුරිය ජනරාල් තනතුරට උසස් කරනු ලැබිය. මේ වන විට ඔහු බ්‍රසීලයේ පමණක් නොව කොළොම්බියාව, පේරු, චිලී, ආර්ජන්ටිනා සහ සුරිනේම් යන රටවල ද තානාපතිවරයා ය. ඔහුගේ මෙම තානාපති විනිර්මුක්තිය මෙකී සියලු රටවලින් ඉවත් කර ඔහුව නඩු අසා පිටුවහල් කළ යුතු බව මානව හිමිකම් සංවිධාන විසින් අවධාරණය කර තිබේ. 

ජගත් ජයසූරිය මෙසේ ලංකාව බලා පළා එන්නේ බ්‍රසීලය සහ කොළොම්බියාව විසින් ඊයේ දිනයේ ඔහුට එරෙහිව යුධ අපරාධ නඩු පැවරීමෙන් පසුව ය. ඔහුට බ්‍රසීලයෙන් පළායාම සඳහා ඉහළ පෙළේ අයෙකුගෙන්  සහයෝගය ලැබුණු බවට ද වාර්තා තිබේ.

 කෙසේ නමුත් ජනරාල් ජගත් ජයසූරිය ට අත්වෙන්නට යන්නේ කෙහෙල් ගහට ඇන හොට පටලාගත් කොට්ටෝරුවාට අත්වූ ඉරණම ය. 

ජගත් ජයසූරියට එරෙහි යුධ අපරාධ නඩුව මෙහෙයවමින් සිටින්නේ කාලෝස් ෆර්නැන්ඩස් නමැති සුප්‍රසිද්ධ නීතිඥයෙකි. ඔහු ග්වාතමාලා, ආර්ජන්ටිනා සහ චිලී යන රටවල අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණවල නඩු මෙහෙයවූ අයෙකි. 

ලංකාවේ රණවිරු උන්මාදය සහ ඊනියා ස්වාධිපත්‍යය හමුවේ බලධාරීන් විසින් ජනරාල් ජගත් ජයසූරියව සඟවා ඔහුට ආරක්ෂාව සපයන්නට ඉඩ ඇතත්, මේ වන විට මුලු ලෝකයම ලංකාව දෙස බලාසිටින්නේ, ඔහුව අත්අඩංගුවට ගැනීමට ලංකාව සහයෝගය ලබාදේ ද යන්න පිළිබඳව ය. යම් අයෙකුට විරුද්ධව අන්තර්ජාතික වශයෙන් නඩු පැවරී තිබේ නම් ඔහු කුමන රටක සිටියත් අත්අඩංගුවට ගෙන අදාළ අධිකරණයට ඉදිරිපත් කළ හැකිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනරාල් ජගත් ජයසූරිය මහ රෑ බ්‍රසීලයෙන් පළා යයි- රාත්‍රියේ ලංකාවට.
ජනරාල් ජගත් ජයසූරිය මහ රෑ බ්‍රසීලයෙන් පළා යයි- රාත්‍රියේ ලංකාවට.
http://ift.tt/2wImEWa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_674.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_674.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy