තම දෛනික වැටුප වන රුපියල් හත්සිය තිහක වැටුපට අමු තේ දලු කිලෝ දාහතක් නෙලන ලෙස වතු පාලන අධිකාරිය මගින් වතුකම්කරුවන්ට බල කිරීම මෙම වර්ජනය...
තම දෛනික වැටුප වන රුපියල් හත්සිය තිහක වැටුපට අමු තේ දලු කිලෝ දාහතක් නෙලන ලෙස වතු පාලන අධිකාරිය මගින් වතුකම්කරුවන්ට බල කිරීම මෙම වර්ජනයට හේතුවයි.
වතු පාලන අධිකාරිය මගින් තේ ගස් නිසි ලෙස නඩත්තු නොකර තේ වතුයායවල් කැලෑ බවට පත් කර තිබිම හා මේ දිනවල පවතින අයහපත් කාළගුණයත් සමග තේ දලු අස්වැන්න අඩුවී තිබීයදී මෙසේ අමු තේ දලු කිලෝ දාහතක් දිනකට නෙලිය නොහැකි බව උද්ඝෝෂකයෝ පවසති.
තේ දලු අඩුවෙන් නෙලෙන වතුකම්කරුවන්ට දිනක වැටුපෙන් හරි අඩක් ගෙවීමටයි වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.
උද්ඝෝෂණයේ නියලි සිටි වතුකම්කරුවන් එම වතුයායේ පිහිටි වතු කාර්යාලයට ගොස් වතු පාලන අධිකාරිය සමග සාකච්ජා පැවැත්වුවද එම ඒවා එකගතාවයෙන් තොරව අවසන් විය. මෙම සාකච්ජාවට බගවන්තලාව පොලිසියේ නිළධාරීන්ද සහභාගි විය.
හැටන් රංජිත්
COMMENTS