දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංගම් කචල් : යොවුන් රග්බි පිලේ ඔලිම්පික් සිහිනයට තිත තියයි.
Homeප්‍රවෘත්ති

සංගම් කචල් : යොවුන් රග්බි පිලේ ඔලිම්පික් සිහිනයට තිත තියයි.

PropellerAds

ලබන වසරේදී (2018) පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලිය නියෝජනය කරන ආසියානු කණ්ඩායම තෝරා ගැනීමේ තරගා...

හජ්ජි උත්සවයේ ඝාතනයට ගෙනා ගවයින් 350ක් යුද හමුදා භාරයට ගනී !
සුපිරි වාහන ගෙන්වීමෙන් ආණ්ඩුවට බිලියන 3ක් පාඩුවක්!
පඩි වැඩි කරන්න පුළුවන්, හැබැයි ඒ වියදම රටේම මිනිස්සුන්ට බදු ගහලා හූරලා ගන්න වෙනවා - බන්ධුල
ලබන වසරේදී (2018) පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලිය නියෝජනය කරන ආසියානු කණ්ඩායම තෝරා ගැනීමේ තරගාවලියට එක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලියට සහභාගිවීමට මූල්‍යමය ප්‍රතිපාදන සොයා ගැනීමේ අර්බුදයක් හේතුවෙන් බවද පැවසේ.

මේ තත්ත්වය ඇතිව ඇත්තේ ශ්‍රී ලංකා රග්බි සංගමය සහ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය අතර හටගෙන තිබෙන කඹ ඇදීම හේතුවෙන් බව කේෂ්ත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ලේකම්ගේ කතාවලින් එළියට ආ මතේ

මේ තත්ත්වය සනාථ කරන ප්‍රකාශයක් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ලේකම් නසීම් මොහොමඞ් මහතා මාධ්‍ය වෙත කර තිබිණි.

ඔහු එහිදී එම සංචාරයට මූල්‍යමය ප්‍රතිපාදන තම සංගමය සතුව නොමැති බව මූලික වශයෙන්ම ප්‍රකාශ කර තිබිණි.

ඊට අමතරව මෙසේද පවසා තිබුණි.

"අපිට හැමදාම කනිෂ්ඨ රග්බි වලට මුදල් යොදවන්න බෑ. ඒක පාසල් රග්බි සංගමය කළ යුතු දෙයක්. අපි ගිය අවුරුද්දේ මිලියන 25 ක් පාසල් රග්බි වලට වියදම් කළා. ඒ වගේම ගිය අවුරුද්දේ පාසල් රග්බි සංගමයට අපි වෙනම මිලියන 5 කුත් දුන්නා. ඒ මිලියන 5 අද වනතුරු අපිට ලැබිලා නෑ. ඒ වෙනුවෙන් අපි එන්තරාවාසියකුත් යවලා තිබෙනවා. කනිෂ්ඨ රගර් දියුණු කිරීම පාසල් රග්බි සංගමයේ වගකීමක්. අපිට තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ රග්බි ක්‍රීඩාව දියුණු කිරීමේ අභියෝගයයි.”

"අපිට ලැබෙන මුදල් කනිෂ්ඨ රග්බි වලට වියදම් කරන්නයි දැන් අපිට වෙලා තියෙන්නේ. මේක හැමදාම කරන්න බෑ. ජ්‍යෙෂ්ඨ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් අපි කළ යුතු වැඩ රාශියක් තිබෙනවා. ක්‍රීඩා සමාජ දියුණු කිරීම, කාන්තා රග්බි ක්‍රීඩාව දියුණු කිරීම වගේ දේවල් රැසක් තිබෙනවා.”

"පාසල් රග්බි වලට ප්‍රතිපාදන සොයාගන්න පාසල් රග්බි සංගමය දැනගන්න ඕන. එහෙම වුණානම් මේ වගේ ගැටලූ මතුවෙන්නේ නෑ. කනිෂ්ඨ රග්බි ක්‍රීඩාව තමයි ජාතික කණ්ඩායමට සම්පත් සොයා දෙන්නේ. ඉතිං එයාලා දැනගත යුතුයි කනිෂ්ඨ රග්බි ක්‍රීඩාව දියුණු කරන්න. එත් ඔවුන්ට ඒ ගැන කිසිම උනන්දුවක් නෑ. මේ තරගාවලිය ගැනත් උනන්දුවක් නෑ. පාසල් රග්බි ක්‍රීඩාවේ සංවර්ධනයට ඔවුන්ගේ කිසිම සැලසුමක් නෑ. පසුගිය වසරේ අපි අවුරුදු 18 න් පහළ පාසල් ක්‍රීඩිකාවන්ට ඩුබායි සංචාරයක් ලබා දුන්නා. ඒත් මේ අවුරුද්දේ ඒක කරන්න බැරි වේවි. මේවා පාසල් සංගමයෙන් කළ යුතු දේවල්.” ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

යවන පිල තෝරන්න 38කුත් තෝරලා !

එම සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සැප්තැම්බර් 09 සහ 10  යන දිනයන්හිදී චීන තායිපේහිදී පැවැත්වීමට නියමිතය.

වයස අවුරුදු 17 න් පහළ මෙම තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා පිල තෝරා ගැනීමට ක්‍රීඩකයන් 38 දෙනකුගෙන් සමන්විත සංචිතයක්ද ගොඩනගා තිබූ අතර ජාතික රග්බි තේරිම් කමිටු ප්‍රධානි මයිකල් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංචිතයේ අවසන් තෝරා ගැනීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතව තිබූ බවද පැවසේ.

යොවුන් ඔලිම්පික් ආර්ජන්ටිනාවේ

මේ පිළිබඳ පාසල් රග්බි සංගමයේ ප්‍රකාශයකු පැවැසුවේ එම සුදුසුකම් ලැබීමේ තරගාවලියට රග්බි සංගමය හරහා ලැබී තිබූ ආරාධනාවකට අනුව පාසල් සංගමයෙන් මූලික වැඩ කටයුතු සූදානම් කළ බවය.

එමෙන්ම එම තරගාවලියට කණ්ඩායම සහභාගි කරවීම ජාතික සංගමය විසින් සිදුකිරීමට නියමිතව තිබුණත් මූල්‍යමය ප්‍රතිපාදන අර්බුදයක් මත එම සංචාරය අවලංගු කිරිමට ජාතික රග්බි සංගමය පියවර ගත් බවද ඔහු පැවසීය.

ලබන වසරේ ඔක්තෝබර් මස ආජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවරදී පැවැත්වීමට නියමිත තුන්වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බාලක හා බාලිකා සත් සාමාජික රගර් තරගාවලිය සඳහා කණ්ඩායම් 6 බැගින් තරග වැදීමට නියමිතය.

එම තරගාවලියට සත්කාරක ආජන්ටිනා කණ්ඩායම සමඟ දකුණු අමෙරිකාව, උතුරු අමෙරිකාව, යුරෝපා මහද්වීපය, අප්‍රිකාව සහ ආසියා මහාද්වීපයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගවලින් කණ්ඩායම බැගින් තෝරාගැනේ.

(SLM)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංගම් කචල් : යොවුන් රග්බි පිලේ ඔලිම්පික් සිහිනයට තිත තියයි.
සංගම් කචල් : යොවුන් රග්බි පිලේ ඔලිම්පික් සිහිනයට තිත තියයි.
http://ift.tt/2vpNBd8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_648.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_648.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy