දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුපිරි වාහන ගෙන්වීමෙන් ආණ්ඩුවට බිලියන 3ක් පාඩුවක්!
Homeප්‍රවෘත්ති

සුපිරි වාහන ගෙන්වීමෙන් ආණ්ඩුවට බිලියන 3ක් පාඩුවක්!

PropellerAds

ස්මාර්ට් කැබ් රථ 3000ක් ආනයනයේදී රජයට රුපියල් කෝටි තුන්සියයකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමි...

ස්මාර්ට් කැබ් රථ 3000ක් ආනයනයේදී රජයට රුපියල් කෝටි තුන්සියයකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්වේ. මේ පාඩුව සිදුවී ඇත්තේ එම වාහනවලින් අය කරගත යුතු බදු මුදල් ප්‍රමාණයට වඩා අඩුවෙන් බදු මුදල් ශ්‍රී ලංකා රේගුව විසින් අයකර ගනු ලැබීම නිසා යැයිද එම වාර්තාවේ දැක්වේ.

මෙයට අමතරව වෑන් රථ හතළිස් හතරක් 2010-2019 අතර කාලයේදී අඩු බදු ප්‍රමාණයක් ගෙවිය යුතු විශේෂිත කාර්යය වෑන් රථ ලෙස ආනයනය කර පසුව ඒවා මගී හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීම නිසාද අවම වශයෙන් රුපියල් කෝටි එකසිය තිහකට ආසන්න බදු ප්‍රමාණයක් රජයට අහිමි වී ඇතැයි කෝපා කමිටු වාර්තාව සඳහන් කරයි.

ඩබල් කැබ් මාදිලි‍යේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර ඇති ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුව අය කරගෙන ඇත්තේ සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු ප්‍රමාණ බවත් මේ අනුව මෙම එක් වාහනයකින් රේගුව අය කරගෙන ඇති බදු මුදල රුපියල් ලක්ෂ 10ක් පමණක් බවත් කෝපා කමිටුව පවසයි.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් එම කමිටුවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට ඊයේ (20) ඉදිරිපත් කරනු ලැබූ අතර මේ තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.

මේ අතර සමහර වාහන ආනයනය කිරීමේදී හා එම වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේදී විශාල වශයෙන් බදු අක්‍රමිකතා සිදුවීමෙන් රටට විශාල බදු ආදායමක් වාර්ෂිකව අහිමි වන බවද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පෙන්වා දෙයි .

අඩු බදු ප්‍රමාණයක් ගෙවා ආනයනය කරනු ලබන වාහන රැසක් පසුගිය කාලයේදී ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇතැයිද එම වාර්තාවේ සඳහන් වෙයි.

මේ අතර මහජන ඇමතුම් උපකරණ සවිකළ විශේෂ කාර්යය වාහන කාණ්ඩය යටතේ රුපියල් මිලියන 1.5ක රේගු බද්දක් ගෙවා ආනයනය කරන ලද ටොයෝටා ලෑන්ඩ් කෲසර් මාදිලියේ වාහනයක් රේගුව නිසි පරිදි මගී ප්‍රවාහන කාණ්ඩය යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට රුපියල් කෝටි 6කට ආසන්න බදු මුදලක් අහිමිව ගොස් ඇතැයිද කෝපා කමිටුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා රේගුවේ විශේෂ භාන්ඩ සංයෝජිත වර්ගීකරණ අංක 8705 යටතේ (Harmonized System Code – HS Code) නිෂ්කාශනය කරනු ලබන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීමේදී විශේෂිත අංකයක් යටතේ (PZA) ලියාපදිංචි කළ යුතු බවට එම කමිටුව නිර්දේශ කර ඇත. 

-ලංකාදීප


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුපිරි වාහන ගෙන්වීමෙන් ආණ්ඩුවට බිලියන 3ක් පාඩුවක්!
සුපිරි වාහන ගෙන්වීමෙන් ආණ්ඩුවට බිලියන 3ක් පාඩුවක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRuaPkU7sns4kADYagJbRreWbJs2q9H5Hwt4cyRhE-BoBZigfs2tV3s7kdSQ_nJfGENngbjyR4unQKR9MxRElfW-AQkHrUPzpizmZ9eTJK1U78d4pDPsAVhcfVlQ3mpyIU9xqabf-RdsI/s320/hilux-legend-50.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRuaPkU7sns4kADYagJbRreWbJs2q9H5Hwt4cyRhE-BoBZigfs2tV3s7kdSQ_nJfGENngbjyR4unQKR9MxRElfW-AQkHrUPzpizmZ9eTJK1U78d4pDPsAVhcfVlQ3mpyIU9xqabf-RdsI/s72-c/hilux-legend-50.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/3_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/3_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy