පසුගිය වසර 20 දෙස නැවත හැරී බැලීමේදී අපනයන කර්මාන්තය නැංවීමට කටයුතු කර නොමැති බව පෙනෙන්නට ඇතැයි සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ...
පසුගිය වසර 20 දෙස නැවත හැරී බැලීමේදී අපනයන කර්මාන්තය නැංවීමට කටයුතු කර නොමැති බව පෙනෙන්නට ඇතැයි සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඇඟලුම් කර්මාන්තය ස්ථාවර කර ගත් පසු ඊළඟට රටක් යොමු වන්නේ විද්‍යුත් උපකරණ නිපදවීමට බවයි. නමුත් අපේ රටට එම අවස්ථාව අහිමි වූ බව සුජීව සේනසිංහ මහතා කියා සිටියේය. 1994න් පසු නිෂ්පාදන ආර්ථිකයකට ශ්‍රී ලංකාව අවධානය යොමු නොකළ බවද හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි අපනයන කර්මාන්ත ඇති කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර ඇති බවත් වසර පහක පමණ කාලයක් ගත වන ක්‍රියාවලිය වසරක කාලයකින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS