දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

තලෙයිබාන් ක්‍රමයට ගණ දෙවියන් සමරමුද?

අතීතයේ කර්ණාටක ප්‍රාන්තය සැලකුණේ මහා වීරයන් සහ දෙවිවරුන්ගේ උත්පත්ති භූමියක් ලෙස ය. නමුත් මේ වන විට කර්ණාටක මහ ඇමති සිද්දරාමයියා ගේ ප්‍රා...

තලෙයිබාන් ක්‍රමයට ගණ දෙවියන් සමරමුද?


අතීතයේ කර්ණාටක ප්‍රාන්තය සැලකුණේ මහා වීරයන් සහ දෙවිවරුන්ගේ උත්පත්ති භූමියක් ලෙස ය. නමුත් මේ වන විට කර්ණාටක මහ ඇමති සිද්දරාමයියා ගේ ප්‍රාන්ත ආණ්ඩුව මෙම උත්සවය සඳහා මූලික නීති මාලාවක් පනවා තිබෙන්නේ ප්‍රාන්ත වැසියන්ගේ මූලික අයිතිවාසිකම් පවා අහිමි වන පරිදි ය. 


ගනේෂ් චතුර්ති උත්සවය වෙනුවෙන් මහඇමති සිද්දරාමයියා විසින් පනවා ඇති නීති මාලාව මෙසේ ය. 


  • ප්‍රාන්තයේ හින්දු සංවිධාන මෙම උත්සවය පැවැත්වීමට හෝ සංවිධානය කිරීමට අදහස් කරන්නේ නම් මෙවර ඒ සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක බැඳුම්කරයක් ගෙවිය යුතුය! 

  • ගනේෂ දෙවියන්ගේ ප්‍රතිමාවේ උස තීරණය කරන්නේ ප්‍රාන්ත ආණ්ඩුවේ කොංග්‍රස් සභාවයි. ගණ දෙවි ප්‍රතිමාවේ සිරුරේ පැහැය ද ඔවුන් විසින් තීරණය කරනු ඇත!
  •  
    ප්‍රාන්ත ආණ්ඩුව විසින් තීරණය කරන දින ගණන ඉක්මවා උත්සවය පැවැත්වීම තහනම් ය.!
  •  
    වෙනත් ආගමික සිද්ධස්ථාන පිහිටා ඇති වීදි දිගේ ගණ දෙවියන් වීදි සංචාරය කරවීම තහනම් ය.!
  •  
    රතිඤ්ඤා භාවිතය තහනම් ය. වර්ණවත් කුඩු ඉසීම ද තහනම් ය.!
  •  
    එක් ගනේෂ් චතුර්ති වන්දනා පෙරහැරක් සඳහා සහභාගි වන බැතිමතුන් ගණන ලක්ෂ 10කට අඩු විය යුතුය.!


මහඇමති සිද්දරාමයියා 2016 වසරේදී කර්ණාටක ප්‍රාන්තයේ නවරාත්‍රී උත්සවය හෙවත් මයිසූර් දසරා පැවැත්වීම නතර කළේ විපත්තිදායක අවස්ථාවක් වන හෙයින් සහ තමන්ට එම රාජ්‍ය උත්සවය පැවැත්වීම සඳහා අරමුදල් නැති බව කියමිනි. නමුත් ඒ වසරේම ඔහු තිප්පු සුල්තාන්වරයාගේ උපන්දිනය හෙවත් ‘තිපූ ජයන්තිය’ රාජකීය ලීලාවෙන් සමරන්නට කටයුතු කළේය. මයිසූර් හි පැවති මෙම උත්සවයේදී හටගත් අන්තර් ආගමික ගැටුම්වලදී හින්දු භක්තියකයන් කිහිප දෙනෙක් මරණයට ද පත්විය. 


සිද්දරාමයියා කර්ණාටක ප්‍රාන්තයේ 2013 වසරේ පටන් මහඇමති වරයා ය. ඊට කලින් එම ප්‍රාන්තයේම නියෝජ්‍ය මහඇමතිවරයා ය. කුලය මහ ඉහළින් සලකන ඔහුල දැන් හින්දු ජනතාවගේ සංස්කෘතික සහ ආගමික අයිතීන්ට අභියෝග කරමින් සිටියි. සිද්දරාමයියාගේ අලුත්ම ගනේෂ් චතුර්ති නීති මාලාව බොහෝ ඉන්දීය දේශපාලන විචාරකයන් විසින් මේ වන විට හඳුන්වා දෙමින් සිටින්නේ “තලෙයිබාන් ක්‍රමයට ගණ දෙවියන් සැමරීම” යනුවෙනි. 


- අමාලි ජයවීර  

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තලෙයිබාන් ක්‍රමයට ගණ දෙවියන් සමරමුද?
තලෙයිබාන් ක්‍රමයට ගණ දෙවියන් සමරමුද?
http://ift.tt/2wAVMED
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_502.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_502.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy