මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 44 දක්වා වැඩි වී ඇති අතර ඒ නිසා තාප බලාගාර කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට සිදුව ඇති බවයි ඇමතිව...
මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 44 දක්වා වැඩි වී ඇති අතර ඒ නිසා තාප බලාගාර කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට සිදුව ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන අමාත්‍යවරයා,
'අපේ ප්‍රධානතම බලාගාරය බවට පත් වී තියෙන නොරෙච්චෝලේ තාප බලාගාරයේ මෙගවො. 300 ක් නිපදවන එක් යන්ත්‍රයක් අලුත්වැඩියාවක් සඳහා නතර කර තියෙනවා. ඒ වගේම පෞද්ගලික බලාගාරයක් වන සොජිස්ටිස් බලාගාරයේ මෙගවො. 60 ක් අලුත්වැඩියාවක් සඳහා නතර කර තියෙනවා. මේ සියලුම අභියෝග ජල විදුලිය නිෂ්පාදනය අඩු වෙනවා කියන්නේ අපට විශේෂයෙන්ම තාප බලාගාර සියල්ල ක්‍රියාත්මක කරන්න වෙනවා. අපි මේ ගැන ජනතාව එක්කල ඒ වගේම රජය එක්ක කතා කරා අපට මේ 2017 පළවෙනි මාස 6 තුළ දීර්ඝවම අඛණ්ඩව නියගය පැවතුණොත් අප ගණනය කරලා තිබුණා රු. බිලියන 51 ක වැඩිපුර මුදලක් දරන්න වෙනවා අඛණ්ඩව විදුලිය ලබා දීමට. අප යම් ආකාරයකින් සතුටු වෙනවා ඒ ගණනය කළ බිලියන 52 අමතර වියදම පළවෙනි මාස 6 දී බිලියන 38ක් දක්වා අමතර වියදම අඩු කරගන්න. එය විශේෂ කළමණාකරනය වගේම විශේෂ ක්‍රම මඟින්, හැකි හැම විටම අවම වියදම පිළිබද තීරණ ගැනීම, අපි හැම මිලදී ගැනීමක්ම ඉතාමත් තරඟකාරි ආකාරයට සිදු කිරීම නිසා තමයි අපට මේ තැනට එන්න පුළුවන් වුණේ. ඒ විදියටම ඉදිරි අභියෝග හමුවෙත් අපි බලාපොරොත්තු වෙනවා භාණ්ඩාගාරයේ, රජයේ සහයෝගය ඇතුව විදුලිය කප්පාදුවක් හෝ ව්දුලි බිල වැඩි කිරීමක් සිදු නොකිරීමකට.'
කෙසේ වෙතත් මේ වනවිට දෛනිකව විටින් විට නිල නොවන විදුලි කප්පාදුවක් සිදුවෙමින් පවතී.
COMMENTS