2017 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 132,488 ක් වාර්තා වී ඇත. කොළඹ, ගම්පහ, කලුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලින් රෝගීන් බ...
2017 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 132,488 ක් වාර්තා වී ඇත. කොළඹ, ගම්පහ, කලුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලින් රෝගීන් බහුල වශයෙන් වාර්තා වී තිබේ. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ඩෙංගු මදුරු මර්දන කටයුතු අඛණ්ඩව සිදු කරනු ලබයි.
ඊසාන දින මෝසම් වර්ෂාවත් සමග විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල රෝගීන් වැඩිවීමක් සිදු විය හැකිය. ඒ සඳහා ක්‍රියාත්මකවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය, ජාතික ඩෙංගු මදුරු මර්දන සතියක් 2017 සැප්තැම්බර් මස 20-26 දක්වා ක්‍රියාත්මක කිරීමට යෝජිතය. ඊට අමතරව උතුරු නැගෙනහිර පළාත්හි ඩෙංගු රෝගීන්ට සත්කාර කිරීමේ ක්‍රමවේදය හා රෝග වැළැක්වීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරිම හා සමාලෝචනය සදහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකය ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීම සදහා අවදානම් දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සමග සම්බන්ධීකරණ ක්‍රියාකාරකම් සිදු කරන අතර, 2014 වර්ෂයේ ජනවාරි මස සිට මේ දක්වා ජනාධිපති කාර්ය සාධක බලකාය සමග පරිශ්‍ර 1,925,542 ක් පරීක්ෂා කර ඇත. ඉන් සියයට 20 ක් මදුරුවන් බෝවිය හැකි සේ තබාගෙන ඇති අතර, සියයට 2 ක මදුරු කීටයින් හමුවී ඇත. ඊට අමතරව කීට විද්‍යා සමීක්ෂණ අනුව තවදුරටත් ආයතන, පාසල්, වැඩබිම්, කර්මාන්ත ශාලා සහ ආගමික ස්ථාන අවධානම් පරිශ්‍ර වන අතර මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයාබලා ඉවත් කිරිම නොකඩවා සිදු කළ යුතු බව අවධාරණය කරයි.
තද උණ සහ හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු ලප හට ගැනිම සහ රුධිර වහන තත්වයක් ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී වෛද්‍ය උපදෙස් ලබාගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙයි.
මේ අතර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඩෙංගු දැඩි නිරික්ෂණ ඒකකය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද අතර, මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා ඇතුලු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
COMMENTS