එම විභාග මධ්‍යස්ථානයේ එක් විභාග ශාලාවක මෙම සිද්ධිය සිදුව ඇති අතර එහි සිටි ඇති ළමුන් ප්‍රමාණය 20ක් පමණ වේ. පළමු ප්‍රශ්න පත්‍රය ලබාදීමේදී ...
එම විභාග මධ්‍යස්ථානයේ එක් විභාග ශාලාවක මෙම සිද්ධිය සිදුව ඇති අතර එහි සිටි ඇති ළමුන් ප්‍රමාණය 20ක් පමණ වේ. පළමු ප්‍රශ්න පත්‍රය ලබාදීමේදී මින්ත්තු 05ක් ප්‍රමාද වී ඇති බවත් යළි පිළිතුරු පත්‍රය රැස් කිරීමේදී මින්ත්තු 15ක් කලින් පත්‍රය ලබා ගත් බව සිය දරුවන් පැවසූ බව දෙමාපියන් සදහන් කළෝය.
සිද්ධිය නිසා දරුවන්ට විභාගයේ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සැපයීමට ද නොහැකි වී ඇතැයි දෙමාපියන් කීවේය.
අදාළ සිද්ධිය ඔවුන් පරණගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙත දුරකථනය මගින් දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා සදහන් කළේ වත්තේගම කලාපය භාර අධ්‍යක්ෂවරයෙකු විභාග මධ්‍යස්ථානයේ සිට ඇති බවත් ප්‍රශ්න පත්‍ර ලබාදීමේදී හා පිළිතුරු පත්‍ර රැස්කිරීමේදී එවැනි සිද්ධියක් සිදුව නොමැති බවට එම නිලධාරියා වාර්තා කොට තිබුණු බවයි.
ඒ අනුව දෙමාපියන් නගන චෝදනාව නිවරැදි නොවන බව ද අධ්‍යක්ෂවරයා කීවේය.
නදීක දයා බණ්ඩාර - මහනුවර
COMMENTS