සිහින ආණ්ඩුවක ඇමතිකම් ගැනීමට සිහින දකින පුද්ගලයින් සිටින බවත්, එම සිහින කිසිදාක සැබෑ නොවන සිහිනයක් බව ඔවුන් නොදන්නා බවත් නිපුණතා සංවර්ධන හ...
සිහින ආණ්ඩුවක ඇමතිකම් ගැනීමට සිහින දකින පුද්ගලයින් සිටින බවත්, එම සිහින කිසිදාක සැබෑ නොවන සිහිනයක් බව ඔවුන් නොදන්නා බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
සැබෑ නොවන එම සිහිනය දැක ප්‍රියංකර ජයරත්න මහතා ද අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
55 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ආණ්ඩු පෙරළියක් පිළිබඳ කතා කරන්නේ ජනතාව මුලා කොට ආණ්ඩුව අඩපණ කිරීමේ චේතනාවෙන් වුවද ඊට කිසිඳු ඉඩක් නොලැබෙන බව ඔහු අවධාරණය කර සිටියේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවන පදවිප්‍රාප්තිය වෙනුවෙන් පසුගිය ඊයේ (09) ආණමඩුව එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී පැවති උත්සවයකදී පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ,
තමන්ට සිදුව ඇති අසාධාරණයක් පිළිබඳ කළ හෙලිදරව් කිරිම් සහ පැහැදිලි කිරිම් ඇතමුන් වැරදි ලෙස අර්ථකථනය කරන බවයි.
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩකටයුතු සිදුකිරිමේදී ඇති වී තිබෙන බාධාකාරී තත්වයන් පිළිබඳ තමන් පාර්ලිමේන්තුවේදී ද හෙලිදරව් කළ බවත්, එය රජයට එරෙහිව සිදු කළ ප්‍රකාශයක් නොවන බවත් ඔහු පැවසීය.
"අගේ ඉදන් කණ කන අයත් මේ ආණ්ඩුවේ ඉන්නවා. ඩිලාන් පෙරේරා වැනි අමාත්‍යවරු කරන ප්‍රකාශ වලින් ඒ බව පැහැදිලි වනවා. ආණ්ඩුවේ ඉදන්ම ඒ අය ආණ්ඩුවට බනිනවා. මෙහෙම දේවලුත් පේන්න තිබෙනවා. ඒත් අපි කලබල වෙන්නේ නැහැ. ඒ අයටත් නිදහසේ කටයුතු කරන්න පුලුවන්. තවත් සමහරු කියනව ආණ්ඩුව නිවටයි ලු. ඉස්සර ආණ්ඩුව වගේ වෙඩි පත්තු වෙන්නෙ නැති, සුදු වෑන් නැති, පැහැරගැනීම් නැති, තර්ජනය කිරිම්, බියවැද්දීම් නැති සමාජ වාතාවරණයක් නිර්මාණය වී තිබීම තුලයි ආණ්ඩුව නිවට බවට චෝදනා එල්ල වන්නේ. ජනාධිපති සහ අගමැති දුර්වල බවත් සමහරු කියනව. අපට කියන්නට තියෙන්නේ මේ දුර්වලකම නොවෙයි. මේ ආණ්ඩුව මනුෂ්‍යත්වයේ ආණ්ඩුවක්. සියල්ලටම ඇහුම්කම් දෙමින් අඩුපාඩු මගහරවා ගනිමින් ඉදිරියට යන ආණ්ඩුවක් තමයි ඔබට උරුම වෙලා තියෙන්නෙ" යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
COMMENTS