සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන වික්‍රම වීරසුරිය මහතා මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝගයක් නොතකා හරිමි...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන වික්‍රම වීරසුරිය මහතා මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝගයක් නොතකා හරිමින් ලොතරැයි පත් මුද්‍රණයට අදාළ ටෙන්ඩර්යක් පෙරේදා (22) විවෘතකර ඇත.
ජනාධිපතිවරයා විසින් ජාතික ලොතරැයිය හා සංවර්ධන ලොතරැයිය යලි මුදල් අමාත්‍යංශය වෙත පැවරීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම ආයතන දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමක් කර තිබු විෂය බාර අමාත්‍ය මංගල සමරවීර මහතා, නව පරිපාලනය පත්වන තෙක් කිසිඳු ටෙන්ඩර්යක් සම්බන්ධයෙන් කටයුතු නොකරන්නැයි ඒවායේ කළමනාකාර අධ්‍යක්ෂවරුන්ට සිය අමාත්‍යංශ ලේකම්වරයා හරහා නියෝග කර තිබිණ.
කෙසේවුවද එම නියෝගය පිළිපැදීමට තමන් බැඳී නැතැයි පවසමින් වික්‍රම වීරසුරිය මහතා මුද්‍රණය ටෙන්ඩරය විවෘත කලබව එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී ඇත.
ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම්දී ඇති අමාත්‍ය මංගල සමරවීර මහතා, අදාල ටෙන්ඩරය අවලංගු කරන්නැයි ද නියෝගකර තිබේ.
නව අධ්‍යක්ෂ මණ්ඩලයක් :
මේ අතර එම ජාතික ලොතරැයි මණ්ඩලයට හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයට අලුතින් සභාපතිවරුන් දෙදෙනෙකු හා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනටමත් කටයුතු කර ඇතැයි ද වාර්තාවේ.
COMMENTS