දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමරිකා නිලධාරියා ප්ලේන් එකෙන් යන්න බෑග් අරන් ආවේ.. එනිසා යුගදනවි ගිවිසුම රාත‍්‍රි 11 පැනලා අත්සන් කලා..- CEB සභාපති
Homeප්‍රවෘත්ති

ඇමරිකා නිලධාරියා ප්ලේන් එකෙන් යන්න බෑග් අරන් ආවේ.. එනිසා යුගදනවි ගිවිසුම රාත‍්‍රි 11 පැනලා අත්සන් කලා..- CEB සභාපති

PropellerAds

යුගදනවි බලාගාරය 40%ක කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් වූ ගිවිසුමේ මූලික එකඟතාවය අත්සන් කරන ලද්දේ රාත්‍රී 11 පසුව බව ලංකා විදුලිබ...

ශිරන්ති රාජපක්ෂ කියන තංගල්ලේ දුප්පත් කාන්තාව ලක්ෂ 4ක හිග විදුලි බිලක් ගෙවලා නෑ – රන්ජන් ජයලාල් හෙළි කරයි
සමන් පෙරේරා ඝාතනය කොඩියේ මන්ත‍්‍රී ධුරය සමග බැදුනු අවුලක්!
මාලිමා ආණ්ඩුවකදී පියයුරු එලියේ දමාගෙන ගාල්ලේ සිට කොළඹට පෙරහැරක් - ලාල් කාන්ත
යුගදනවි බලාගාරය 40%ක කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් වූ ගිවිසුමේ මූලික එකඟතාවය අත්සන් කරන ලද්දේ රාත්‍රී 11 පසුව බව ලංකා විදුලිබල මණ්ඩලය සභාපති එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේය.

පස්වරු 4 ට අදාළ ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් කර තිබුණත් නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලබාගැනීමේදී රාත්‍රී 7 පසුවූ බවත් ඔහු පැවසීය.

එම ගිවිසුම අත්සන් තැබීම සඳහා ඇමරිකාවෙන් පැමිණ සිටි නිලධාරියා ඊලග ගුවන් යානයෙන් පිටත්ව යාම සඳහා බෑග් පවා සූදානම් කරගෙන පැමිණ සිටි නිසා රාත්‍රි එකොළහත් පසුවී ගිවිසුම අත්සන් කරන්නට සිදු වූ බව ද ඒ මහතා සඳහන් කළේය.

ජනාධිපති මාධ්‍ය පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

එම මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

—–

යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනඟි අවස්ථාවක් බැවින් එය ප්‍රයෝජනයට ගැනීම සඳහා කෙටි කාලීන ගැටලු අමතක කර දීර්ඝ කාලීන ප්‍රතිලාභ දෙස බැලිය යුතු බව විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති.

රටේ විදුලි සැපයුම 95%ක් ඉක්මවා සම්පූර්ණ කර ඇති බැවින් ජනතා විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අඩු පිරිවැය බලාගාර ඉදි කළ යුතු බවත් එසේ නොවුණහොත් විදුලි බිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු කියා සිටිති.

අලුත් සංකල්ප, අලුත් තාක්ෂණය සමග අතරමැදි බලශක්ති ප්‍රභවයන්ට යා යුතු බව අනිවාර්ය සාධකයක් වී ඇති බවත්, LNG විදුලි උත්පාදනය අඩු පිරිවැය සහිත පරිසර හිතකාමී ක්‍රමයක් බැවින් යුගදනවි බලාගාරයේ සිදු වීමට නියමිත පරිවර්තනය, රටේ ජනතාවට වාසිදායක සේම ආණ්ඩුවට ලාභදායී ව්‍යාපෘතියක් බවත් ඔවුහු පෙන්වා දෙති.

අද (03) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් බලධාරීහු මේ බව කියා සිටියහ.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් “යුගදනවි ව්‍යාපෘතියේ ඇත්ත කතාව” තේමා කරගනිමින් අද මාධ්‍ය හමුව මෙහෙයවනු ලැබිණ.

දෛනික විදුලි අවශ්‍යතාව සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. එක් විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල්
23 – 24 දක්වා වැඩි වී තිබේ. එසේ වුවද රජය විදුලි පාරිභෝගිකයාට විදුලි ඒකකයක් සපයනු ලබන්නේ රුපියල් 16.65කට බව විදුලිබල මණ්ඩලයේ සභාපති, එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පැවසීය.

දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් තිබූ විදුලි ජනන ව්‍යාපෘති රාශියක් විවිධ හේතූන් නිසා රටට අහිමි වූ බවත් අඛණ්ඩව විදුලි සැපයීම සඳහා විදුලි ජනනය ඉහළ නැංවීම අනිවාර්යය සාධකයක් බවත් සභාපතිවරයා කියා සිටියේය.

යුගදනවි ආයෝජන ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමෙන් දේශීය විදේශීය කර්මාන්තකරුවාට අඩු පිරිවැයකින් විදුලි පරිභෝජනයට අවස්ථාව හිමිවන බව ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති, නීතිඥ අතුල ද සිල්වා මහතා පැවසීය.

වසරකට විදුලිය ඒකක මිලියන 40,000ක් සමස්ත විදුලි පරිභෝජනයට අවශ්‍ය බවත්, එම ඒකක ප්‍රමාණය අඩු පිරිවැයකින් ජනනය කිරීමෙන් පමණක් ජනතාවට සහන මිලට විදුලිය ලබාගැනීමේ අවස්ථාව හිමි වන බවත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග මහතා පෙන්වා දුන්නේය.

යුදගනවි බලාගාරයේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ වෘත්තීය සමිති නායකයන් බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූවා දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් එම්.ආර්. රණතුංග මහතා කියා සිටියේ කිසිදු අවස්ථාවක කිසිම වෘත්තීය සමිතියක් සාකච්ඡාවකට ඉල්ලීම් නොකළ බව ය. ඕනෑම අවස්ථාවක තමා ඇතුළු බලධාරීන් යුගදනවි ව්‍යාපෘතිය පිළිබඳ වන තාක්ෂණික ක්‍රියාදාමය සහ ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි කිරීමට සූදානම් බවත් ය.

ඉදිරියේ දී රට තුළ විදුලි කප්පාදුවකට ඉඩක් පවතී දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ සමහර කණ්ඩායම් ජනතාව බිය වැද්දීමට කරන ප්‍රකාශ නොසලකා හරින ලෙසත් අඛණ්ඩ විදුලි සැපයීමකට බොහෝ වෘත්තීය සමිති සහාය පළ කර ඇති බවත් ය.

විදුලිබල මණ්ඩලයේ අතිරේක ලේකම්, ආචාර්ය සුසන්ත පෙරේරා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

– ජනාධිපති මාධ්‍ය අංශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමරිකා නිලධාරියා ප්ලේන් එකෙන් යන්න බෑග් අරන් ආවේ.. එනිසා යුගදනවි ගිවිසුම රාත‍්‍රි 11 පැනලා අත්සන් කලා..- CEB සභාපති
ඇමරිකා නිලධාරියා ප්ලේන් එකෙන් යන්න බෑග් අරන් ආවේ.. එනිසා යුගදනවි ගිවිසුම රාත‍්‍රි 11 පැනලා අත්සන් කලා..- CEB සභාපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhO2qYs5kYR3ABrUufOnBtPe-jGihsICnaGnH1jZ7h-2lBBF8TgZB1FbjtLUhDoEDSp4mxmhjD5TBd2xi82vkMpMC5C08cqDr7wdEr5aibwsTvH4pWc2ltI2l1LCPQCJwrATjy5I7ncJpe4/s320/dana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhO2qYs5kYR3ABrUufOnBtPe-jGihsICnaGnH1jZ7h-2lBBF8TgZB1FbjtLUhDoEDSp4mxmhjD5TBd2xi82vkMpMC5C08cqDr7wdEr5aibwsTvH4pWc2ltI2l1LCPQCJwrATjy5I7ncJpe4/s72-c/dana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/11-ceb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/11-ceb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy