නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙළාදකිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ඉදිරි සති දෙකක කාලයක් තුළ නි...
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙළාදකිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ඉදිරි සති දෙකක කාලයක් තුළ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි දුෂිත විනිසුරන් හා නීතිඥයන් පිළිබඳ තොරතුරු අනාවරණ කරන ලෙසත් එසේ නොවන්නේ නම් අධිකරණයට අපහාස කිරීම යටතේ නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය මඟින් තහවුරු කිරීමට යන්නේ මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය නොමැති බවත් එමඟින් විදේශ විනිසුරන් හා නීතිඥයන් ගෙන්වීම සාධාරණීකරණය කිරීමත් බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් යූ.ආර් ද සිල්වා මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහපාලනයට අනුව කටයුතු කිරීමට නම් මෙවැනි අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වඩා සුපරීක්ෂාකාරී වියයුතු බවයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS