පුත්තලමේ සංවිධානාත්මක ව්‍යාපාරිකයින් පිරිසක් මෙම ජාවාරම සිදු කරනු ලබයි. පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 606 මනල්තිව් ග්‍රාම න...
පුත්තලමේ සංවිධානාත්මක ව්‍යාපාරිකයින් පිරිසක් මෙම ජාවාරම සිදු කරනු ලබයි.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 606 මනල්තිව් ග්‍රාම නිළධාරි වසමේ පිහිටා ඇති මී ඔය අතු ගංගාවක් වන මහ ඇළ සහ නොතාරිස් ඇළ දෙපස පිහිටා ඇති වසර 150ක් 250ක් අතර කාලයකට උරුමකම් කියන අතුපතර විහිදුන විශාල ප්‍රමාණයේ කුඹුක් ශාක 100ට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් සම්පූර්ණයෙන්ම විනාශයට ලක්කර ඇති බවයි එහි ගිය අප කැමරා කාචයේ සටහන් වූයේ.
පුත්තලම ප්‍රාදේශීය ලේකම්,ග්‍රාම නිළධාරි, ඉඩම් සංවර්ධන නිළධාරීන් සහ තවත් රාජ්‍ය නිළධාරීන්ගේ එකමුතුවෙන් කෘෂිකර්මාන්ත කටයුතු සදහා අදාළ ඉඩම් කට්ටි ලබා දී ඇත. අදාළ ඉඩම් හිමියන් කුඹුක් ගස් දෙපසට ටයර් දමා ගිනි තැබීමෙන් පසු ගස් සීඝ්‍රයෙන් විනාශයට පත්ව යාමත් සමග කාර්යක්ෂම දම්වැල් කියත් ආධාරයෙන් කපා කොටස් කර ප්‍රදේශයේ වඩු කර්මාන්ත ශාලා වෙත රැගෙන ගොස් අලෙවි කරන බව ගම්මුන් පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අප කල විමසුකදී විලුක කේ.ධර්මදාස මහතා පවසා සිටියේ මෙවැන්නකි.
මේ කුඹුක් ජාවාරම අද ඊයෙක ඉදලා කරගෙන යන දෙයක් නෙමෙයි මේකට මහ පුටුවල ඉන්න හොරු ටික සහයෝගය ලබා දෙනවා. නැත්නම් රටේ තහනම් කරලා තියෙන ශාකයක් කපන්න හරි ගිනි තියන්න හරි බලයක් ආවේ කොහෙන්ද කියලා අපි හොයලා බලන්න ඕනෙ.
දුරකථනය ඔස්සේ කල විමසීමකදී 606 මනල්තිව් වසම භාර ග්‍රාම නිළධාරි වරයා පවසා සිටියේ මෙවැන්නකි .
කුඹුක් ගස් ගිනි තියන එක ජාවාරමක් නෙමෙයි මම හිතන්නෙ. එව්වා ඉඩමක් සුද්ධ කරන්න ගිනි තියන්න ඇති. ඔය කැලේ ගස් කපනවා කියන එක ජාවාරමක් නෙමෙයි ලංකාවේ හැම තැනම එහෙමනෙ හොරෙන් මිනිස්සු කපනවා ඇති. මම හිතන විදියට ඕක ජාවාරමක් නෙමෙයි ගොවිතැන් කටයුතු වලට මිනිස්සු ගිනි තියනවා. ලංකාවේ හොරු ඉන්නවා ඕන තරම් ඒ නිසා මිනිස්සු හොර වැඩ කරනවා. අපි දීපු ඉඩම් වල කෙරෙනවනම් ඒක එහෙම කරන්න බැහැ බලපත්‍රයක් අරන් කරන්න ඕනෙ එහෙම කරලා නැත්නම් මම බලන්නම්
නැගෙන චෝදනාව සම්බන්ධයෙන් කල විමසීමකදී පුත්තලම සහකාර ප්‍රාදේශීය ලේකම් වීරසූරිය මහතා .
මට ඔය සිද්ධිය තාම වාර්තා වෙලා නැහැ ඒ නිසා මම වසම භාර අදාල ග්‍රාම නිළධාරිව දැණුවත් කලා සොයා බලලා වාර්තාවක් දෙන්න කියලා. තවමත් ගස් කපනවද තවමත් ගිනි ගන්නවද කියලා ඔයා කියන්න බලන්න මම හොයාලා බලලා උත්තරයක් දෙන්නම්.
පුත්තලම වැඩ බලන ප්‍රාදේශීය ලේකම් වන්නිනායක මහතා මේ සම්බන්ධයේඅදහස් දක්වමින් .
මේ සම්බන්ධව මම කිසිම දෙයක් දන්නෙ නැහැ. ඔය කියපු ඇළ මාර්ග දෙක මොකක්ද? මම වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ඒ නිසා මට මාධ්‍යට හරියටම ප්‍රකාශයක් ලබා දෙන්න අපහසුයි. මම පරික්ෂා කරලා බලන්නම් බලලා පිලිතුරක් දෙන්නම්.
නැගෙන චෝදනාව සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ කල විමසීමකදී පුත්තලම අඩවි වන නිලධාරි රාජසිරි මහතා .
බැහැ බැහැ කුඹුක් කියන්නෙ තහනම් දැවයක් කොහෙත්ම කපන්න බැහැ. විලුක ගම මගෙ මතකෙට ආවා. ඔව් කියන්න මේ ගැටළුව මීට කලින් ප්‍රදේශීය ලේකම්ට ආවා. මේකෙ තියෙන ගැටළුව තමයි. ඕක පුද්ගලික ඇළ මායිමක තියෙන්නෙ. නමුත් ඕක කැලයක තිබුනොත් අපිට නීතිමය වශයෙන් ක්‍රියා මාර්ගයකට එන්න පුළුවන් ඔව්වා පාලනය වෙන්නෙ ප්‍රාදේශීය ලේකම් තුමා යටතෙනෙ ඒ නිසා අපිට කිසිම දෙයක් කරන්න බැහැ අපිට කිසිම අයිතියකුත් නැහැ.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එන්.එම්.චිත්‍රානන්ද මහතා.
ඔය කියන කතාව කිසිසේත් වෙන්න බැරි වැඩක් මොකද දන්නවද මම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙ ඉදලා දැනුයි කෑමට ආවේ. එතන සේරම නිළධාරින් හිටියා ඉතිං එහෙම දෙයක්නම් ගොවි සංවිධාන හරි පැමිණිලි කරනවනෙ. කවදාවත් වෙන්න බැරි දෙයක් ඔයා කොහෙද මෙහෙ කෙනෙක්ද වනාතවිල්ලුවෙනම් මම දන්නෙ නැහැ ඉස්සල්ලත් එක්කෙනෙක් බොරුවක් ගහලා තිබුණා. මේක දැන් එකක් නෙමේ වෙන් ඇති අපිට කව්රුත් වාර්තා කරලා නැහැ මට මේ වෙනකම් වාර්තා වෙලා නැහැ අද කමිටුවෙදිත් ඔය විලුක කියන හරියෙන්ම කුඹුක් ගස් තුනකට බල පත්‍රයකුත් ඉල්ලුවා අඩුම තරමෙ ඒ වෙලාවෙදි කිව්වෙත් නැහැ වන ජීවි හිටියා, වන සංරක්ෂණ හිටියා, ප්‍රාදේශීය ලේකම් හිටියා, පොලීසිය හිටියා. මම හොයලා බලන්නම්
පුත්තලම කේ.ප්‍රියංකර
COMMENTS