කොළඹ නගරය ඇතුළු නාගරික ප්‍රදේශවල එකතුවන කැළි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු මේ වනවිට රජය විසින් සිදුක...
කොළඹ නගරය ඇතුළු නාගරික ප්‍රදේශවල එකතුවන කැළි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු මේ වනවිට රජය විසින් සිදුකරගෙන යන බව නීතිපතිවරයා ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
රජයේ උපදෙස් මත මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු වගකිව යුතු ආයතන විසින් මේ ප්‍රතිපත්තිය සකස් කිරීමේ කටයුතු සිදුකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි කියා සිටියේය.
විශාල පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති කැළි කසළ බැහැර කිරීමේ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මේ බව දන්වා සිටියාය.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මේ පෙත්සම ගොනු කර තිබුණි.
මහවැලි සහ පාරිසරික ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා, මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, අනිල් ගුණරත්න, විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම පෙරේදා (08) කැඳවන ලදි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය සඳහන් කෙළේ කුණු ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට වගකිවයුත්තන් මේ වනවිට කටයුතු කරන බවය.
2008 වසර වනවිට පැවැති රජය විසින් සකස් කළ කෙටුම්පත තවදුරටත් අධ්‍යයනය කර ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඇය සඳහන් කළාය.
එම ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතුවල ප්‍රගතිය දැනුම්දීම සඳහා පෙත්සම නොවැම්බර් මස 16 වැනිදා නැවත කැඳවීමට නියම විය.
නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙත්සම වෙනුවෙන් පෙනී සිටියේය.
COMMENTS