ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස හා එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජයගැනීමට සමත් වූ අතර තරගාවලිය පුරා අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායමට...
ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස හා එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජයගැනීමට සමත් වූ අතර තරගාවලිය පුරා අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අවමානයෙන් යම් ප්‍රමාණයකට හෝ ගැලවීම සඳහා ලැබෙන අවසන් අවස්ථාව මෙයයි.
ටෙස්ට් හා එක්දින තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ ෂිකර් ධවාන් මෙම තරගයට සහභාගි නොවන අතර එය ශ්‍රී ලංකා පිළට යම් අස්වැසිල්ලක් වනු ඇත.
එක්දින තරගාවලියට සහභාගි නොවූ අශන් ප්‍රියන්ජන්, සීක්කුගේ ප්‍රසන්න සහ දසුන් ශානක මෙම තරගයට කැඳවා ඇති අතර එහෙත් ඔවුන් තිදෙනාටම අවස්ථාව හිමිවීම සැක සහිතය.
දෙරට අතර මෙතෙක් 20/20 තරග 10 ක් පවත්වා ඇති අතර ඉන් තරග හයක් ජයගැනීමට ඉන්දියාව සමත්ව තිබේ. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් වාසනාව ගෙනදෙන ක්‍රීඩාංගනයක් නොවන අතර එම ක්‍රීඩාංගනයේ පැවති තරග 13 න් ජයග්‍රහණය කර ඇත්තේ තරග දෙකක් පමණි.
COMMENTS