නමුත්, අවමංගල රථයක් හැටියට දුම්රියක් භාවිත වීම පිළිබ`දව දකින්නට තබා අසන්නට ලැඛෙන්නේත් ඉතාම කලාතුරකින්. මේ සටහන දුම්රිය ඉතිහාසය පිළිබද ආශා...
නමුත්, අවමංගල රථයක් හැටියට දුම්රියක් භාවිත වීම පිළිබ`දව දකින්නට තබා අසන්නට ලැඛෙන්නේත් ඉතාම කලාතුරකින්. මේ සටහන දුම්රිය ඉතිහාසය පිළිබද ආශා කරන අය වෙනුවෙන් ඉතිහාසයේ ලියැවී ඇති රාජ්‍ය අවමංගල උත්සව සදහා භාවිත වූ අවමංගල දුම්රිය පිළිබ`ද සිහිපත් කිරීමටයි.
දුම්රිය, අවමංගල රථ ලෙස භාවිත වූ අවමංගල උත්සව අතර රුසියාවේ වී. අයි. ලෙනින්, 3 වන සාර් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මෙන්ම මහා බි්‍රතාන්‍යයේ 7 වන එඩ්වර්ඩ් හා 6 වන ජෝර්ජ් රජවරුන් අවමංගල උත්සව ඉතිහාසයේ විශේෂ සිදුවිම් ලෙස ලියැවෙනවා. එසේම, වින්ස්ටන්ට් චර්චිල් අග්‍රාමාත්‍යවරයාගේද අවමංගල රථය වුණේ දුම්රියක්. එපමණක් නොව, අමරිකාවේ ජනාධිපතිවරුන් වූ ඒබ්‍රහම් ලින්කන්, ෆ්‍රෑන්ක්ලින් රූස්වේල්ට් සහ ඩී. අසෙන්හවර් යන අයගේ දේහයන් රැගෙන යාම ස`දහාද අවමංගල දුම්රිය භාවිත කර තිඛෙනවා.
අවසන් වරට රාජ්‍ය අවමංගල උත්සවයක් වෙනුවෙන් අවමංගල දුම්රියක් භාවිත කර ඇත්තේ ඩෙන්මාර්කයේ දී. ඒ, 1972 ජනවාරි 24 වැනිදා ඩෙන්මාර්ක් 9 වන ෆෙඩි්‍රක් රජුගේ දේහය පිළිබ`ද අවසන් ආගමික මෙහෙයන් ස`දහා රොස්කිල්ඩිහී දේවස්ථානය වෙත රැගෙන ඒම ස`දහාය.
මෙම සියලු දුම්රියන් අතර ශ්‍රේෂ්ඨ වී. අයි. ලෙනින්ගේ දේහය රැගෙන ගිය අවමංගල දුම්රිය අද වන විට ඉතිහාසයට එක්ව ඇත්තේ පුරාවෘතමය වටිනාකමක් ඇති කෞතුක භාණ්ඩයක් ලෙසයි. එම දුම්රිය රුසියාවේ මොස්කව් නුවර දුම්රිය කෞතුගාකාරයේ තැන්පත් කර තිඛෙනවා. යූ-127 වර්ගයේ වාෂ්ප එංජිමක් සහිත මෙම දුම්රිය අංක 1691 ලෙස නම් කර තිඛෙනවා. රුසියාවේ දී එය හ`දුන්වන්නේ වයි 127 යනුවෙනි. මෙම කෞතුකාගාරය තුළ මෙම දුම්රිය හා සබැ`දුණු ඉතිහාසය සම්පූර්ණයෙන්ම පාහේ නිරූපණය වන අතර ආකෘති, ප්‍රදර්ශන භාණ්ඩ, ලිපි ලේඛනාදිය, ඡායාරූප, නිළ ඇදුම් හා සෙසු උපකරණ ද ප්‍රදර්ශනයට එක් කර තිබීම විශේෂත්වයකි.
මාලින්ද ජයතිලක
COMMENTS