දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ මහත්මියට පමණයි - පැෆ්රල් සංවිධානය
Homeප්‍රවෘත්ති

ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ මහත්මියට පමණයි - පැෆ්රල් සංවිධානය

PropellerAds

මෙකී ආන්දෝලනාත්මක කරුණ පිළිබඳව වගකීමක් සහිත සිවිල් සංවිධානයක් මෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස සෑබෑ තොරතුරු අනාවරණය කරගැනීම අපගේ වගක...

උබර් ස්වයංක්‍රීය රථවලට බාධාවක්?
දුම්රිය මැදිරි පිරිසිදු කිරීම් පෞද්ගලික අංශයට?
11 දෙනෙක් බිලිගත් යාපනයේ මාරක රිය අනතුර (PHOTOS)
ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ මහත්මියට පමණයි - පැෆ්රල් සංවිධානය

මෙකී ආන්දෝලනාත්මක කරුණ පිළිබඳව වගකීමක් සහිත සිවිල් සංවිධානයක් මෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස සෑබෑ තොරතුරු අනාවරණය කරගැනීම අපගේ වගකීමක් බව විශ්වාස කරනු ලැබූ හෙයින් ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න විමසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පත්‍රයක් යොමු කරන ලදී.

එයට ප්‍රතිචාර දක්වමින් ආගමන විගමන පාලකවරයා විසින්, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම්, උපන් දිනයන් හා ජාතික හැඳුනුම්පත් අංකයන් සහිත නාම ලේඛනයක් පාර්ලිමේන්තු මහා ලේකම්වරයාගෙන් ගෙන්වා ගෙන පරීක්ෂාවට ලක්කොට ඇත. ඒ අනුව එම ලේඛනයේ සඳහන් තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් අයගේ තොරතුරු අන්තර්ගත කොට ඇති පරිඝනක පද්ධතියට ඇතුලත් කොට පරීක්ෂා කර ඇති අතර එයින්ද නොනැවතී පරිඝනක පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ද්විත්ව පුරවැසිභාවය ප්‍රධානය කල පුද්ගලයින්ගේ තොරතුරු ඇතුලත් ලේඛනද වැඩිදුරටත් පරීක්ෂා කිරීමට කටයුතු කර තිබේ.

එම පරීක්ෂාවෙන් අනතුරුව ආගමන විගමන පාලකවරයා විසින් සනාථ කොට ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියට පමණක් අංක 17096 A දරන ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කොට ඇති බවයි. එමෙන්ම මෙකී පරීක්ෂාවේදී අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනා සඳහා ද්විත්ව පුරවැසි සහතිකයන් නිකුත් කොට නොමැති බවට සනාථ වන බව ආගමන විගමන පාලකවරයා විසින් අප වෙත දන්වා එවා ඇත.

ඒ අනුව වගකීව යුතු නිරීක්ෂණ සංවිධානයක් ලෙස විධිමත් තහවුරු කර ගැනීමකින් පසුව මෙම ආන්දෝලනාත්මක කාරණයට අදාල සැබෑ තොරතුරු සමාජය හමුවේ තැබීම අපගේ වගකීමක් බව විශ්වාස කරන හෙයින් උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ හා පුරවැසියන්ගේ දැනගැනීම පිණිස එම තොරතුරු මාධ්‍ය වෙත යොමු කිරීමට අප තීරණය කලෙමු.

මෙම තොරතුරු ලබාදීම සඳහා අප සමග මනා සම්බන්ධීකරනයක් පවත්වා ගෙන යමින් කාර්යක්ෂම හා අමිල මෙහෙවරක් ඉටු කල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරීවරයාට හා ආගමන විගමන පාලකවරයාට අපගේ කෘතවේදීත්වය පලකර සිටිමු

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ මහත්මියට පමණයි - පැෆ්රල් සංවිධානය
ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ මහත්මියට පමණයි - පැෆ්රල් සංවිධානය
http://ift.tt/2vimq3X
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_280.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_280.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy