වැටලීමට පැමිණි අඩවි වන නිළධාරීන් අදාල දැව තොගය සහ ට්‍රැක්ටර් රථය අත්අඩංගුවට ගෙන පුත්තලම පිහිටි අඩවි වන කාර්යාලයට රැගෙන යමින් තිබියදී ...
වැටලීමට පැමිණි අඩවි වන නිළධාරීන් අදාල දැව තොගය සහ ට්‍රැක්ටර් රථය අත්අඩංගුවට ගෙන පුත්තලම පිහිටි අඩවි වන කාර්යාලයට රැගෙන යමින් තිබියදී එම ස්ථානයට පුද්ගලික කාර් රථයක ආධාරයෙන් පැමිණි ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අඩවි වන නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැන මර්ණීය තර්ජන එල්ල කර සිය රාජකාරියට බාධා වන අයුරින් කටයුතු සිදු කර ඇති බවත් අදාළ තහනම් දැව තොගය වන සංරක්ෂණ භාරයට නොදී බලහත් කාරයෙන් විහාරස්ථානය වෙත රැගෙන යාමට අදාළ දේශපාලඥයා මැර බලය පාවිච්චි කර ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
කෙසේ නමුත් ජනතාව සහ ප්‍රදේශවාසීන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙලෙස නීති විරෝධී ක්‍රියාවන් මෙම තබ්බෝව, තම්බපන්නිය, අවට නිරන්තරයෙන් සිදු වන බවත් මෙවැනි දේශපාලඥයින්ගේ මැදිහත්වීම මත මෙවැනි ජාවාරම් සහ අකටයුතුකම් සියල්ල මැඩපැවැත්වෙන බවයි.
කෙසේ වෙතත් නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කල විමසුමකදී ආදාල ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී වරයා මාධ්‍ය වෙත අදහස් දක්වා කියා සිටියේ මෙවැන්නකි.
අනේ එහෙම දෙයක් සිද්ධ වුණේ ගමේ පන්සලේ වැඩකට කුඹුක් ගහක් කැපුවා ගමේ හාමුදුරුවො එක්ක ගමේ කොල්ලො ටික එකතු වෙලා අපි පොලීසිය දැණුවත් කෙරුවා. ඒ වගේම තව කියන රාජ්‍ය ආයතන රැසක් දැණුවත් කෙරුවා නමුත් අපි අඩවි වන කාර්යාලය දැණුවත් කෙරුවෙ නැහැ. ඉතිං ඒ නිසා මේ නිළධාරින් ඇවිල්ලා කුඹුක් ලීත් එක්ක ට්‍රැක්ටර් එක අත් අඩංගුවට ගත්තා. ඊට පස්සෙ මම ඇවිල්ලා මේ සිද්ධියට සම්බන්ධ වුනා ඒ ඇවිල්ලා මම බලධාරීන්ට බැන්නා පසුව අපි පොලිසි ගිහින් දෙපාර්ශවයම සමථයකට ආවා අපි පුත්තලම අඩවි වන නිළධාරින්ගෙන් සමාව ගත්තා අපි වරද පිළි ගත්තා.
මේ සම්බන්ධයෙන් පුත්තලම අඩවි වන කාර්යාලයේ අඩවි වන නිළධාරි රාජසිරි මහතාගෙන් කල විමසීමකදී ඔහු පවසා සිටියේ මෙවැන්නකි.
ඇත්තෙන්ම අපිට ලොකු කණාගාටුවක් ඒ වගේම අපේ රාජකාරියට ලොකු බාධාවක් තර්ජනයක් එල්ල වුණා. මොකද විහාරස්ථානයකට දැව අවශ්‍යයි කියන කාර්ණය අපි දන්නවා නමුත් නීති රාමුවක් තියෙනවා රටේ ඒ නීතියට අපි ගරු කල යුතුයි. අනෙක කුඹුක් කියන්නෙ තහනම් දැවයක් ඒ දැවය කැපීමේදී රාජකාරි මට්ටමෙන් කල යුතු දේ බොහොමයි නමුත් අදාල මන්ත්‍රීවරයා මේ කිසිවක් නොතකා අමනුෂ්‍ය වේෂයෙන් හැසිරීම කණගාටුදායක කරුණක් මොකද මේ වගේ ජාවාරම් මැඩපැවැත්වීමට රාජ්‍ය පරිපාලනයත් දේශපාලනයත් එක්ව ගමනක් යායුතුව තියෙද්දී එක් පාර්ශවයක් ගොඩඩයි තවත් පාර්ශවයක් මඩටයි ඇදීම අපිට පුදුමය දනවනවා.
පුත්තලම කේ.ප්‍රියංකර
COMMENTS