මේ වන විට ඇතැමුන්ට සමෘද්ධි සහනාධාරය අහිමි කර ඇති බවට ඇතැම් ප්‍රදේශ වලින් වාර්තා වන අතර ජනතාව උද්ඝෝෂණ වලද නියැලෙමින් සිටිති. සමෘද්ධිලාභීන්...
මේ වන විට ඇතැමුන්ට සමෘද්ධි සහනාධාරය අහිමි කර ඇති බවට ඇතැම් ප්‍රදේශ වලින් වාර්තා වන අතර ජනතාව උද්ඝෝෂණ වලද නියැලෙමින් සිටිති. සමෘද්ධිලාභීන්ගේ තොරතුරු සම්බන්ධයෙන් යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. දැනට ලැයිස්තු ගත කර ඇති ආකාරයට සමෘද්ධි සහනාධාරය හිමි නොවන බවද දිසානායක මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ වන විට සමෘද්ධිලාභීන් නොමඟ යවමින් උද්ඝෝෂණ වලට කැඳවීම වරදක් බව කියා සිටින අමාත්‍යවරයා අවධාරණය කරන්නේ සමෘද්ධිලාභීන්ගේ ලයිස්තුවේ වරදක් වී ඇත්නම් ඊට නිලධාරීන් වගකිව යුතු බවයි. කිසිලෙසකින්වත් පිරිසකට සමෘද්ධි සහනාධාරය අහිමි කර තවත් පිරිසකට එය ලබා දීමක් සිදු නොවන බව හෙතෙම අවධාරණය කරයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS