දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුව ඇමැතිගෙන් පෞද්ගලික ඔසුසල් හිමියන්ට සහන රැසක්
Homeප්‍රවෘත්ති

සුව ඇමැතිගෙන් පෞද්ගලික ඔසුසල් හිමියන්ට සහන රැසක්

PropellerAds

  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ වර්ග 450 ක් ඔසුසල්වල අලෙවි කරන අතර, ඉන් ඖෂධ වර්ග 114 කට සියයට 18 ක වට්ටම් මුදලක් ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ...

ප‍්‍රකට භික්‍ෂුව ප‍්‍රියමාලිගේ ගණුදෙනුව බේරාගනී! අඩි හප්පා තර්ජනය කර සියළු මුදල් අරගනී!
එක මාසෙට කොළඹ තරුණයන් 5ක් විතර හෝටල් කාමරවල මැරෙනවා! හේතුව ලිංගික උත්තේජන ඖෂධ!
මහින්ද එද්දී නාවලපිටියේ දැවැන්ත විරෝධතාවක්! භටපිරිස් කැඳවයි! පොලිසිය 15ක් අත්අඩංගුවට ගනී! (PHOTOS & VIDEO))
සුව ඇමැතිගෙන් පෞද්ගලික ඔසුසල් හිමියන්ට සහන රැසක්

 

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ වර්ග 450 ක් ඔසුසල්වල අලෙවි කරන අතර, ඉන් ඖෂධ වර්ග 114 කට සියයට 18 ක වට්ටම් මුදලක් ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවැසීය.

ඇමරිකානු ඩොලරය ඉහළයාම හේතුවෙන් ඖෂධ සදහා ලැබෙන ලාභය ප්‍රමාණවත් නොවන බව ඔසුසල් හිමියන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දුන්හ. ඒ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමග සාකච්ඡා කර මෙම වෙළෙද වාසිය පෞද්ගලික ඔසුසල් හිමියන්ට ලබාදීමට තීරණය කරන ලදි. පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කළේ ෆාමසි ලියාපදිංචි කිරීම සඳහා අය කරන ගාස්තුව ගැසට් පත්‍රයක් මගින් ඉහළ දමා ඇති බවයි. එම ගාස්තුව අවම කිරිමට කටයුතු කරන මෙන් සංගමයේ නියෝජිතයින් ඉල්ලා සිටියහ. මෙවැනි ගාස්තු සංශෝධනයක් සිදු කර ඇත්තේ වසර 15 කට පසුවයි. ඒ අනුව ඔසුසල් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් අය කර ඇති මුදල වන්නේ රුපියල් 4600 කි. එය නව ගැසට් පත්‍රයට අනුව රුපියල් 18,000 දක්වා ඉහළ දමා ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙම කරුණ පෙන්වා දීමෙන් පසු ඔසුසල් ලියාපදිංචි කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් 7500 දක්වා අඩු කර ගැසට් පත්‍රය සංශෝධනය කරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට දැනුම් දෙන ලදී. තව ද ඖෂධ තොග සහ සිල්ලර වශයෙන් පවත්වාගෙන යන වෙළෙද සැල් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 38,750 දක්වා නව ගැසට් පත්‍රයෙන් ඉහළ දමා තිබුනි. මීට පෙර එවැනි ලියාපදිංචියක් සඳහා අයකර ඇති ගාස්තුව වන්නේ රුපියල් 6500 කි. සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය එම ගාස්තුව ද අඩු කර දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ පිළිබද අවධානය යොමු කරමින් අදාල ගාස්තුව රුපියල් 10,000 දක්වා අඩු කරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට දැනුම් දෙන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසීය. 'කිසියම් නගරයක් ගත් විට ඔසුසල් වැඩි බව හෙළි වී තිබෙනවා. එම නිසා ගුණාත්මක සේවාවක් සිදු කිරීමේ නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. එම නිසා සියලුම ඔසුසල් නියාමනය කළ යුතුයි. රජයේ රෝහල්වල ඖෂධ තිබෙන නිසා ඔසුසල්වල ආදායම ද අඩු වී තිබෙනවා. ඇතැම් වෛද්‍යවරුන් ඖෂධ තොග වශයෙන් රැස්කර තබා ගන්නවා. එය තහනම් කටයුත්තක්. එවැනි වෛද්‍යවරුන් පිළිබද තොරතුරු ඇතුලත් වාර්තාවක් සකස් කර ජාතික ඖෂධ නියාමන අධිකාරියට බාර දෙන්න. ඉන් පසු එම ස්ථාන පිළිබදව පරීක්ෂණ ආරම්භ කරන්න පුලුවන්. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙලේදී පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය මට විශාල සහයෝගයක් ලබාදුන්නා.'

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා, එහි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා, එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා සහ පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ඇතුලු නිලධාරී මණ්ඩලය එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුව ඇමැතිගෙන් පෞද්ගලික ඔසුසල් හිමියන්ට සහන රැසක්
සුව ඇමැතිගෙන් පෞද්ගලික ඔසුසල් හිමියන්ට සහන රැසක්
http://ift.tt/2i0TX0m
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_190.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_190.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy