රටේ ජාතික ආරක්ෂාවට මේ දක්වා කිසිදු තර්ජනයක් නොමැති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. ආරක්ෂක මණ්ඩලික ප්‍රධානීධූරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
රටේ ජාතික ආරක්ෂාවට මේ දක්වා කිසිදු තර්ජනයක් නොමැති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
ආරක්ෂක මණ්ඩලික ප්‍රධානීධූරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ අද්මිරාල් රවී විජේගුණරත්න මහතා අද ( අගෝස්තු 24) මහනුවරට පැමිණ ශ්‍රී දන්තධාතූන් වහන්සේ වැද පුදා ගත්තේය.
අස්ගිරි පාර්ශවයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැදුටු ඒ මහතා මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාල ලබා ගත්තේය.
වසර දෙකක පමණ කාලයක් නාවුක හමුදාපතිධූරය දරමින් සිටි තමන් ජනාධිපතිවරයා විසින් වයිස් අද්මිරාල් තනතුරින් අද්මිරාල් ධූරයට උසස් කොට ආරක්ෂක මාණ්ඩලිකධූරයට පත් කළ බව කී ඒ මහතා මෙම තනතුර සදහා පත්වීමක් ලැබුණේ වසර දහයකට පමණ පසුව යැයි කීවේය.
රටේ ආරක්ෂාව පිළිබදව කිසිදු තර්ජනයක් නොමැති බවත් ආරක්ෂාව වෙනුවෙන් යුද, ගුවන් හා නාවුක හමුදාවන් ක්‍රියාත්මක වෙමින් සිටින බව කී ඒ මහතා ත්‍රිවිද හමුදාපතිවරුන් ද යුද සමයේ ක්‍රියාන්විතව සේවය කළ අයවලුන් යැයි ද කිවේය.
වර්ෂ 1980දී නාවුක හමුදාවට පිවිස විශ්‍රාම ගැනීමට ප්‍රථම යුද්ධය අවසන් කිරීමට දායකවීමට තමන්ට අවස්ථාව ලැබුණු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
අද්මිරාල් රවී විජේගුණරත්න මහතාගේ බිරිය හා පුතු ද මේ අවස්ථාවට එක්විය.
නුවර නදීක දයා බණ්ඩාර
COMMENTS