ඕන් බලාපං මේවයෙත් හැටි. මේවා දැක්කම තමා අත්ත මුත්ත නත්ත පනත්තා හැත්ත බුරුත්තම මතක් වෙන්නේ.. ඇයි හත්තිලව්වේ ඕන දේක සීමාවක් ඉමක් කොනක් තියෙ...
ඕන් බලාපං මේවයෙත් හැටි. මේවා දැක්කම තමා අත්ත මුත්ත නත්ත පනත්තා හැත්ත බුරුත්තම මතක් වෙන්නේ.. ඇයි හත්තිලව්වේ ඕන දේක සීමාවක් ඉමක් කොනක් තියෙන්න එපැයි. මේවා නිකන් ලොවෙත් නැති ලොවි ගහෙත් නැති සිද්ධිනේ.
උඹලට මතක නම්.. ඉන්දියාව ඉස් ඉස්සෙල්ලාම අපිව බලන්න ආපු වතාව. තුන්වෙනි මැච් එක. තුන්වෙනි දවස. උඹලා හිතනවද මම මෙහෙම කිවට මම ඕවා බලල තියෙනවා කියල. මඟුල. මමත් ඉතින් ඕවා අහල කියවල තමා. ඔන්න ඔය සීන් එකේදිත් අපි කට්ටිය 153/5. දැන් හිතෙනවා ඇති ඉස්සර කියල වෙනසක් නෑ කියල. රෙද්ද. ඉස්සරහිටියා බං දුලිප් මෙන්ඩිස්. දැකලා තීද? නෑනේ නෑනේ.. මමත් නෑ. හැබැයි ඉතින් කැරැට්ටුව නම් දන්නවා යසට. ඉයන් බොතම්ට ක්‍රිකට් එපා වෙන්න එක හේතුව තමා ඔය දුලිප් මෙන්ඩිස්. ලේසි නෑ ඔලුවට උඩින් ගහන හුක් එක. පට්ට ලස්ස්සනයිලු. එදා මොකද උනේ..? අපේ කට්ටිය පෙරහැරේ ගියාද? විකාර.. දුලිප් එක්ක සෙට් වෙච්ච රෝයී ශතක දෙකක් ගහල යස අපුරූවට මැච් එක ඩ්‍රෝ කලා. මොකද උනේ.. සීරිස් එක ගෙඩි පිටින් දිනුම්. ඔය දැන් සද්දේ දාන සුනිල් ගවස්කාර්ලට රෙද්දේ රෙවිල ගියේ.
මේ පාර දිනන්න තියා යන්තම් රෙද්ද බේරගන්න එකෙක් එහෙම ගැහුවද? ගැහුවද?
1997 ඉන්දියාවේ ලංකාවේ සවාරිය. ගොඩ දෙනක්ට ඕක මතක තියෙන්න ඕන. නැත්තම් ඌට මඩු වල්ගෙකින් තලන්න ඕන. තැන ඛෙත්තාරාමේ. මෙහෙම කීවට සමහරු දන්නවද දන්නෙත් නෑ. ඔව් ඔව් ආර්.ප්‍රේමදාස එක තමා. මැච් එක ටිකක් බෝරිං. ඒත් අපේ අයට පපර බෑන්ඩ් පලන්න තරම් හේතු. පස්වෙනි දවස ගේට්ටු ඔක්කොම ඇරලා. ඇයි මොකද්ද හේතුව. සනා බොයී.
ඔව් ඔව් දැන් තේරිම් කමිටුවේ සභාපති තමා. ලංකාවේ ඒ කලේ හිටි ඉලන්දාරීන්ගේ හර්කියුලිස්. ගමේ ගොඩේ පොඩි උන් පාවා කොට බෝලේ ඇඟට දුන්නොත් පුල් එක දුරට දුන්නොත් කට් එක ගහන තරමට සනාගේ බැටිං මුළු රටටම පත්තියං වෙලා. ඒ තරම් රටක් පිස්සු වට්ටපු බැටෙක් විනාඩි 799ක් බැට් කරනවා කීවොත්.. රජ මඟුල් හා නැද්ද. ලෝක වාර්තාව නූලෙන් මිස් උනාට මහානාම එක්ක දාපු පාර්ට්නර්ශිප් එකයි 952 ලකුණු පුවරුවයි ලේසියෙන් එකෙක්ට අමතක වෙන්නත් නැ කරන්නත් බෑ. ඒ මදිවට අරා අන්තිම දවසෙත් සෙන්චරියක් දානවා. ඔන්න ඒ දවස් වල ගැහිලි. රඹකිට රඹන් කිකිට
මේ වතාවේ? මේ වතාවෙත් එහෙම තමා අපිට නෙවේ ඉන්දියාවට. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. ධාවන්, පුජාරා, රෙහානේ පෝලීමට ශතක. පපරේ වල පාංකඩ ඔබල.
ඊට පස්සේ.. 2008.. ඩිස්ටි ඩිඩිං.. ඒ කාලේ ලෝකේම හොල්ලපු ස්පින් ඩබලයි. පට්ට මීටර් කැපෙකුයි. එහා පැත්තේ බැට්ස්මන් කෙනෙක් හැරුණත් ඒකටත් ගේම ගහන පට්ට මොලකාරයෙක්. කවුද? මහේල. අජන්ත එක්ක මුරලි දැක්කම ඩ්‍රාවිඩ්, ගංගුලි, සචින්, ලක්ස්මන් එක්ක යුවරාජ් පෝලිමට පෙරහැරවල් ගියේ. අන්තිමට ඉන්දියාවට DRS එකත් පිච්ච පීචං වෙන්න එපා උනා. හා නැද්ද..?
ඔව්නේ ඔව්නේ..
මේ පාරත් DRS එපා උනා. කාටද කාටද? ලංකාවට..
2008 මට හොඳට මතකයි.. අජන්තට ගහගන්න බැරිව එක පාරකට ඉස්සරහට එනවා. වෙලාවකට පිටි පස්සට යනවා. සීමර් කෙනෙක්ට ගහන ලයින් එකට ගහන්න යනවා. එක කෙලියයි. කෝ කෝ හරිගියාද? හරිගියාද?
නෑනේ නෑනේ..
මේ වතාවේ කියල වෙනසක් උනාද? කෝ අශ්වින්ට ගැහුවද? යාදව්ට ගැහුවද? ජඩේජට ගැහුවද?
නෑනේ.. නෑනේ..
ඔන්න ඔහොමයි කතාව.. ඉස්සර බැඳි පෙම තිස්සෙම මැවි මැවී රිද්දෙනවා වගේ මේ වතවේ උනේ ඇරියස් ඔක්කොම අල්ලලා පෝලීමට දීපු එක..
එහෙමයි කිය මේ ගැලවිච්ච රෙදි ආයෙම අපිට ඇන්දෙනවද?
නෑනේ.. නෑනේ..
මෙහෙම උනා කියල අපේ මහ අයට විලිලැජ්ජවක් තියේද?
නෑනේ නෑනේ..
අරඹේ
COMMENTS