සමන් ඒකකනායක මහතා, අග්‍රාමාත්‍ය ලේකම්තුමා, අග්‍රාමාත්‍ය කාර්යාලය, කොළඹ 3. ප්‍රිය ලේකම්තුමනි, ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ පොදු ජන සේවයට ස...
සමන් ඒකකනායක මහතා,
අග්‍රාමාත්‍ය ලේකම්තුමා,
අග්‍රාමාත්‍ය කාර්යාලය,
කොළඹ 3.
ප්‍රිය ලේකම්තුමනි,
ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ පොදු ජන සේවයට සහ ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ක්‍රමයට වසර 40 පිරීම නිමිත්තෙන් බෝධි පුජා පැවැත්වීම
ඔබ වෙත පිටපතක් සහිතව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා විසින් උක්ත කරුණ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති ලිපිය සම්බන්ධයෙනි.
1. ප්‍රදේශවාසීන්ගේ සහාය හා දායකත්වය ලබා ගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල රාත්‍රීයේ පරිත්‍රාණ ධර්ම දේශනා පැවැත්වීමත් මහා සංඝයා 40 නමකට දානය පිළිගැන්වීමත් සදහා වැයවන්නේ රාජ්‍ය දේපල ය. ජනතාව වෙනුවෙන් සේවය කිරීම සදහා ජනතා බදු මුදලින් වැටුප් ලබන කාලය යි. උක්ත ලිපිය පැහැදිලි ලෙසම රාජ්‍ය දේපල අයථා පරිහරණය සදහා වන විවෘත ආයාචනයකි. රජයේ මුදල් හා පරිපාලන රෙගුලාසි උල්ලංඝනය කිරීමකි.
2. එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් බෝධී පුජා 4 ක් පැවැත්වීම ලංකාවේ ප්‍රදේශ ගණනාවක සිදු කළ නොහැකි නියෝගයකි. උතුරු නැගෙනහිර පුජා තියන්නට බෝගස් ඇත්තේ ද නැත.
3. ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී නියෝ ලිබරල් අර්ථ ක්‍රමයකට ශ්‍රී ලංකාව විවෘත කරනු ලැබූයේ එම මාවතට පිවිසි ආසියාවේ මුල්ම රාජ්‍යයන් අතරින් එකක් ලෙසය. විවෘත ආර්ථිකයේ 40 වන සංවත්සරය සැබෑ ලෙසම සැමරීමට බෝධි පූජා තැබීම, අගහරු අභ්‍යවකාශ යානයක ආරක්ෂාවට ‘දෙහි-මිරිස්‘ වැලක් එල්ලීමට වැඩි දෙයක් නොවේ.
4. ගරු රනිල් වික්‍රමසිංහ මහතා පෙනී සිටින්නේ ලිබරල් දර්ශනයක් වෙනුවෙනි. ඔහු ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ප්‍රමුඛයෙකි. එය ඔවුගේ ප්‍රතිවාදීන් පවා අගයන, ඔහුගේ දේශපාලන අනන්‍යතාව ද වේ. ඇදහීම යනු හුදු පුද්ගලික කාරණයකි. ලිබරල් නායකයෙකුට ඇදහීම මත පදනම්ව රජයේ වියදමින් ‘බෝධි පූජා පැවැත්වීම‘ තරම් වන පරිභවයක් ලොව පිළිගත් ලිබරල් නායකයෙකුට තවත් සිදු කළ නොහැකිය.
5. 1977 යුග පෙරළියේ දී ජේ.ආර්.ජයවර්ධන මහතා ‘බෝධි පූජා බලකාය‘ ලෙස යොදා ගත්තේ තම පක්ෂයේ සාමාජිකයින්ය. එය දැවැන්ත ජනතා පෙළගැස්වීමක් සදහා වූ දේශපාලන සන්නිවේදනාත්මක ව්‍යවහාරයකි. අද, එජාපය සිය පක්ෂය තුල හෝ එවැන්නක් සිදු නොකරන්නේය. රාජ්‍යයේ රුධිර වාහිනී පද්ධතිය වන් ‘පරිපාලන සේවය‘ බෝධි පුජා බලකායක තත්වයට පත් කිරීමට ගරු අග්‍රාමාත්‍යතුමන් ද, ඔබ වැනි පරිනත රාජ්‍ය නිලධාරියෙකුට අවශ්‍යතාවක් තිබිය නොහැකිය. ඒ තුලින් ලංකා සිවිල් සේවාවට සිදුවන හානිය අතිමහත් ය.
6. මෙම ලිපියේ පිටපත ඔබ වෙත යොමු කිරීම තුල මෙය ඔබගේ සෘජු අනුදැනුම සහිතව සිදු කරණ කටයුත්තක් බව බොහෝ දෙනා අවබෝධ කොට ගෙන ඇත. පරිපාලන සේවයට බැදුණු දවසේ සිට ඔබ දෙපල අතර ඇති සමීප සබදතාව රහසක් නොවන බොහෝ පරිපාලන නිලධාරීන් ‘රජුගේ පිටේ නැගි වදුරා‘ කථාව මෙම ලිපියට ආදේශ කර ගනිති.
7. අග්‍රාමාත්‍ය ලේකම්තුමනි, මහජන දේපල අයථා පරිහරණ සම්බන්ධයෙන් කැෆේ සංවිධානය පසුගිය වසර 8 තුල නැගු හඩ ඔබට හොදින් දන්නේ ය. රනිල් වික්‍රමසිංහ මහතා ට අග්‍රාමාත්‍ය ධූරයට පත් වූයේ ද මේ රටේ ජනතාව මහජන දේපල අයථා පරිහරණයට එරෙහිව තම ඡන්දය භාවිත කළ බැවිනි.
මහජන දේපල වැය කරමින්, 40 වන සංවත්සරය සදහා දානමය පිංකම්, බෝධී පූජා පැවැත්වීම හැගීම් මත නොව ‘යහපාලන මූලධර්ම මත පදනම්ව‘ නැවත සිතා බලා ඔබගේ නිර්දේශ සියළු දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කරන ලෙස ඉතා කාරුණික ඉල්ලමි.
එමෙන්ම, ඔබගේ තීරණය කුමක් වුවත්, මහජන දේපල යොදා ගනිමින් ලංකාව පුරා බෝධී පුජා පැවැත්වීම දුෂණයක්, අක්‍රමිකතාවයක්, මහජන දේපල අයථා පරිහණයක් ලෙස සලකා එය පිටු දැකිය යුතුය යන අදහස කැෆේ සංවිධානය දරණ බව ද සටහන් කර ගන්නා මෙන් කාරුණික ඉල්ලමි.
මෙයට විශ්වාසී,
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
පිටපත්
1. ජනාධිපති ලේකම්තුමා
2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව
3. අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව
4. විගණකාධිපති
5. සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන්
6. ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය
COMMENTS