මෙසේ උතුරු පළාත තුළ රේගු නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කෙරුණේ වසර 34කට පසුවයි. 1983 දී උතුරු පළාතේ රේගු කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිටි අතර 2...
මෙසේ උතුරු පළාත තුළ රේගු නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කෙරුණේ වසර 34කට පසුවයි. 1983 දී උතුරු පළාතේ රේගු කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිටි අතර 2011 දී නැවත යාපනයේ තැපැල් කාර්යාලයේ කොටසක රේගු කටයුතු තාවකාලිකව ආරම්භ කරමින්, එම කටයුතු තවදුරටත් යාවත්කාලීන කර ගැනීමට හා රේගු කටයුතු සාර්ථක කර ගැනීමටත් මෙම නව කාර්යාලය අද දින ආරම්භ කෙරිණ.
උත්සව අවස්ථාවට සහභාගී වී අදහස් දැක්වූ මංගල සමරවීර අමාත්‍යතුමා, උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමාට විශේෂ ප්‍රශංසාවක් කරමින් කියා සිටියේ ත්‍රෛභාෂික අමාත්‍යවරයෙක් හැටියට උතුරු පළාත් ආණ්ඩුකාරතුමා ගැන ඉතා ආඩම්බර වන බවත් තමන් දේශපාලන කටයුතු ආරම්භ කරනු ලැබූ කාලයේ සිට මේ දක්වා ඔහු ජාතික සහජීවනය වෙනුවෙන් මහත් කැපකිරීමක් කරනු ලැබූ පරිණත, මනා දැනුමකින් යුත් දේශපාලන නායකයකු බවයි.
මේ අනුව ආරම්භ කළ නව කාර්යාලය, උතුරු පළාතේ රේගු කටයුතු වලට මෙන්ම රැකියා විරහිත තරුණ තරුණියන්ටද මහගු අවස්ථාවක් බව ද මංගල සමරවීර අමාත්‍යවරයා කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා,‘‘උතුරු පළාතේ මයිල්ලේට්ටි වරාය ආරම්භ කිරීම තුළින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීම වේගවත් කිරීමට මහත් පිටිවහලක් වෙනවා. සංවර්ධන කටයුතු ගැන පාර්ලිමේන්තුවට යෝජනා ගෙන එද්දී උතුරු පළාතට විශේෂ අවධානයක් හිමිවිය යුතුයි. මේ ආරම්භ කළ කාර්යාලයේ සේවය කිරීමට උතුරු පළාතේ දමිල තරුණ තරුණියන් තෝරා ගත යුතුයි. මේ රට සංවර්ධනය කිරීමට නම් ජාති, ආගම්, කුල භේද නොතකා එකට එක්ව වැඩකිරීමට අදිටන් කරගත යුතුයි. උතුරු පළාතේ මේ කරගෙන යනු ලබන සංවර්ධන කටයුතුවලට රජයෙන් ලැබෙන පුර්ණ අනුග්‍රහයටත් විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයටත් මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා.‘‘ යනුවෙන් කියා සිටියේය.
මෙම අවස්ථාව සදහා මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පා.ම.ශ්‍රී සරවනභවන්,පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් ඇතුලු සහ අමාත්‍යංශ ලේකම්වරු පිරිසක් සහභාගි වී සිටියහ.
- වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS