දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කළු සල්ලි සුදු කිරීමේ චෝදනා : 31 දා නාමල්ට එරෙහි නඩු දෙකක්.
Homeප්‍රවෘත්ති

කළු සල්ලි සුදු කිරීමේ චෝදනා : 31 දා නාමල්ට එරෙහි නඩු දෙකක්.

PropellerAds

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති කළු සල්ලි සුදු කිරීම හෙවත් ම...

පක්‍ෂ සමුලුවට යනවාද? ඒකාබද්ධයේ මත විමසුම අදින් අවසන්
ඒකාබද්ධයේ පිරිසක් ආණ්ඩුවට ලඟදීම - ඇමතිවරයෙකු සාකච්ඡා අරඹයි
හෙට සිට යාල කොටසක් තාවකාලිකව වසා දමයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරණයට අදාළ තවත් නඩුවක් කොළඹ මහාධිකරණයේ අංක 07 හි දී හෙට (අගෝස්තු මස 31) දා පෙරවරුවේ විභාගයට ගැනීමට නියමිතය.

අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 30ක මුදලක් 'ගවර්ස්' කෝපරේට් සර්විස් (පෞද්ගලික) සමාගම හරහා විශුද්ධිකරණය කල බවද චෝදනා කරමින්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.

ඉන්දික ප්‍රභාත් කරුනාජීව, චන්ද්‍රසේකර පවිත්‍රීකා සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක, බටපොල ආරච්චිගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා යන පුද්ගලයින් ද මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර තිබේ.

මෙම නඩුව සම්බන්ධයෙන් කල විමසීමකද පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, දැනට සිදුකෙරෙන විමර්ශනවලදී මේවනවිට සැකකරුවන් විසින් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක කොටස් මිලදී ගැනීම හා ඊට අදාළ වෙනත් ආයෝජන සඳහා යොදවා ඇති රුපියල් මිලියන 312ක මුදලක් සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී ඇති බවයි.

මේ නඩුවේ සෙසු විත්තිකරුවන් වූ ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ ඉරේෂා ද සිල්වා යන අය මේ වන විට අධිකරණය මඟහැර ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි පදිංචිව සිටිති.

නාමල්ගේ ෆෝඩ් මස්ටැංග් රථය :

මේ අතර, උපයාගත් ආකාරය සැක සහිත මුදල් යොදවා SP KS 2929 අංක දරන ෆෝඩ් මස්ටැංග් වර්ගයේ කාර් රථයක් මිලදී ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසින් ගොනුකර ඇති නඩුවක් ද හෙට (31දා) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඩොලර් 49,850ක ණයවර ලිපියක් (LETTER OF CREDIT) මගින් මෙරටට ගෙන්වා ඇති එම සුපිරි මෝටර් රථය පසුව 'ශාන්ති' නමැති තැනැත්තියකට රුපියල් ලක්ෂ අසූවකට විකුණා ඇති බව FCID විසින් අධිකරණයට දැනුම් දී තිබිණ.

මෙම මෝටර් රථය මිලදී ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය සිදු කර ඇතැයි සැකය මත FCID විසින් විමර්ශන ආරම්භ කිරීමත් සමග මේවනවිට පොලිසිය බාරයට ගෙන තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කළු සල්ලි සුදු කිරීමේ චෝදනා : 31 දා නාමල්ට එරෙහි නඩු දෙකක්.
කළු සල්ලි සුදු කිරීමේ චෝදනා : 31 දා නාමල්ට එරෙහි නඩු දෙකක්.
http://ift.tt/2wICgZS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/31_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/31_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy