පොදු ප‍්‍රවාහන සේවා සඳහා වෙනම මංතීරු ක්‍රමය එළඹෙන 15 වැනිදා සිට ක්‍රියාත්මක බව බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප...
පොදු ප‍්‍රවාහන සේවා සඳහා වෙනම මංතීරු ක්‍රමය එළඹෙන 15 වැනිදා සිට ක්‍රියාත්මක බව බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ කොළඹ නගරයේ කි‍්‍රයාත්මක කිරීමට යෝජිත බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට අද (11දා) සහභාගි වෙමිනි.
මේ අනුව අගෝස්තු 15 වැනිදා සිට මොරටුව, කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්, සැවෝයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්ධිය දක්වාත්, අගෝස්තු 22 වැනිදා සිට කටුබැද්ද මංසන්ධියේ සිට මැලිබන් මංසන්ධිය දක්වාත්, බම්බලපිටිය මංසන්ධියේ සිට පිත්තල මංසන්ධිය දක්වාත්, අගෝස්තු 29 වැනිදා සිට බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ (දියත උයන) සිට ආයුර්වේද මංසන්ධිය දක්වාත්, ටවුන්හෝල් මංසන්ධියේ සිට තුම්මුල්ල මංසන්ධිය දක්වාත්, සැප්තැම්බර් 05 සිට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව, කොටුව කොම්පඤ්ඤවීදිය දක්වාත්, සැප්තැම්බර් 12සිට කොම්පඤ්ඤවීදිය සිට පිටකොටුව දක්වා සහ නොවැම්බර් 30 සිට බොරැල්ල සිට මරදාන දක්වාත් කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.
මෙම වැඩපිළිවෙළට පාසල්, කාර්යාල ප‍්‍රවාහන සේවා ද ඇතුළත් කොට තිබෙන අතර, එහි සාර්ථකත්වය මත ඊළඟ පියවර කරා ගමන් කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
COMMENTS