හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට හා ඔහුගේ පුතකුවන යෝෂිත රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හම...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට හා ඔහුගේ පුතකුවන යෝෂිත රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබේ.
ඒ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහාය.
ඒ අනුව, බ්‍රස්පතින්දා (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියටත්, සිකුරාදා (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස යෝෂිත රාජපක්ෂ මහතාට දැනුම් දුන් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු රජයේ සාක්ෂිකාරයකු වීමේ සුදානමත් සමග දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් වී ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගියදා බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී රහසිගත සාකච්ජාවක් පැවැත්වූ බවද මාධ්‍ය වාර්තා කර තිබිණ.
කෙසේවුවද එවැනි රහස් හමුවක් සිදුනොවූ බව නාමල් රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශකට තිබිණ.
COMMENTS