දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහගෙදර පදිංචි වූ එකම පුතු හා ලේලිය මහලු මවුපියන්ව පාරට දාලා
Homeගොසිප්

මහගෙදර පදිංචි වූ එකම පුතු හා ලේලිය මහලු මවුපියන්ව පාරට දාලා

PropellerAds

තමන් විසින් ලේ කිරි කර දහදිය කඳුළු හෙළා ඇති දැඩි කළ එකම පුතු කල වයස සම්පූර්ණ වූ විට විවාහ වී වයෝවෘද්ධ මව සහ පියා නිවෙසින් එළවා දැමූ හද කකි...

කොමර්ෂල් බැංකුව 2018 වසරේ ලංකාවේ හොඳම බැංකුව ලෙස යුරෝමනී සම්මානය ලබයි.
සයිටම් ලොක්කා සේවක වැටුප් ගෙවීම නවත්වයි : ජනාධිපති හා අගමැතිගෙන් පඩි ඉල්ලාගන්නැයි තර්ජන.
'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය අඩපණ වෙයි?
තමන් විසින් ලේ කිරි කර දහදිය කඳුළු හෙළා ඇති දැඩි කළ එකම පුතු කල වයස සම්පූර්ණ වූ විට විවාහ වී වයෝවෘද්ධ මව සහ පියා නිවෙසින් එළවා දැමූ හද කකියවන ශෝකජනක පුවතක් පලාගල ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. මෙම අසරණ වූ මවුපිය යුවළ ඉන්න හිටින්නට තැනක් නොමැතිව පලාගල හන්දියේ ඇති බස් මගී ආවරණයක කුසට අහරක්වත් නොමැතිව අසරණව සිටියදී හමුවී තිබේ. පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිඳිවත්ත ප්‍රදේශයේ ඔවුන් පදිංචිව සිට ඇත. 

මෙම මවුපියන්ගේ එකම පුතුට විවාහයක් කරදීමෙන් පසු ඔවුන්ගේ නිවෙසට පැමිණි ලේලිය මවුපියන් දෙපළ නිවෙසින් එළවා දමා ඇත. ඔවුන්ට යන්නට තැනක් නොමැති නිසා ඔවුන් මහමඟට වැටී ඇත. කාට හෝ අත පා කීයක් හෝ සිඟමන් යදින ඔවුහු රාත්‍රි කාලයට බස් මගී ආවරණයට වී නිදා ගනිති. ආර්.එම්.කේ. රංබණ්ඩා සිය දුක්බර කතාව මෙසේ පැහැදිලි කළේය.

මගේ වයස අවුරුදු 75යි. බිරිය ලීලාවතීට වයස අවුරුදු හැත්තෑවයි. අපිට ඉන්නේ එක පුතෙක් විතරයි. එයා ගුවන් හමුදාවේ වැඩ කරන්නේ. පුතා විවාහ වෙලා ඒ ලේලි සමඟ මහ ගෙදරම පදිංචි වුණා. මටයි බිරියටයි දැන් හරිහමන් වැඩක් කරගන්න බැහැ. පුතා බැඳපු ලේලි ගෙදරට ආපු දවසේ ඉඳලා අපිට වෙනස්කම් කරනවා. අපිට කන්න බොන්ඩවත් නොදී නිතරම කරදර කෙරුවා. බැරිම තැන අපි දෙන්න ගල්කිරියාගම බස් හෝල්ට් එකක ගිහින් නතර වුණා. පොලිසියේ මහත්තුරු ඇවිදින් විස්තර අහලා නැවත අපේ ගෙදරට එක්කරගෙන ආවා. 


අපිට කරදර කරන්න එපා කියලා ලේලිට අවවාද කරලා ගෙදර වෙනම කාමරයක් දුන්නා අපිට නතර වෙලා ඉන්න. එහෙම හිටියේ ටික දවසයි. මම ගෙදර නැති වෙලාවක බිරියට ගහලා කාමරයෙන් එළියට දාලා. ඊට පස්සේ අපි ගෙදරින් පිටවෙලා කොහේ හරි යන්න තීරණය කෙරුවා. දැන් මේ වයෝවෘද්ධ මවුපිය යුවළ පලාගල සහ ඒ අවට පිහිටි බස් මගී ආවරණවල නවාතැන් ගෙන සිටිති. කාට හෝ අත පා ලැබෙන දේකින් ජීවත් වේ. බොහෝ දිනවල දවසේ වේල් තුනම බඩගින්නේ සිටින බව පියා පැවැසුවේ හැඬු කඳුළිනි. පියාට හරිහැටි ඇවිද ගැනීමටවත් අසීරු නිසා කිහිලිකරු ආධාරයෙන් ගමන් කරයි.

අපිට දැන් ඉන්න තැනක් නැහැ. අපි පදිංචිවෙලා හිටපු ඉඩමේ පැත්තක පුංචි ගෙයක් හදාගන්න කවුරු හරි උදවු කරනවා නම් ලොකු පිනක්. එතකොට දරුවට කරදරයක් නොකර අපිට තනියම ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ අනාථ මඩමකට හරි අපි ගෙනිහින් දානව නම් පින් සිද්ධ වෙනවා. අසරණ මවුපියෝ ඉල්ලා සිටිති. තම සිරුරේ රුධිරය කිරි කර පොවා දෑත දෙපය නොකඩා හදා වඩා රටක් වටිනා පුතෙක් හැදූ මවට අද ඒ පුතු පිටුපා ඇත්තේ ඇයට මහමඟ පමණක් උරුම කර දෙමිනි. ගොවිතැන් බත් කරමින් ගතේ රුධිරය දහදිය කඳුළු හෙළා පුතෙක් හැදූ පියාටද ඒ පුතුගෙන් සැලකුම් ලබන්නට තරම් පින් මදිවන්නට ඇත. එබැවින් ඔවුන් දෙදෙනාට අද මහමඟ උරුම වී තිබේ.

ගල්ගමුව - ජයසේන බණ්ඩාර, මහගල්කඩවල - එච්.එම්.සී. ඉලංගකෝන්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29378,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහගෙදර පදිංචි වූ එකම පුතු හා ලේලිය මහලු මවුපියන්ව පාරට දාලා
මහගෙදර පදිංචි වූ එකම පුතු හා ලේලිය මහලු මවුපියන්ව පාරට දාලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRJOmrdyfEgpC7bc8NpVkveU6q7C_xfV_NmPcn1jQ58keSGvO3ATecaOzm0JEA32NccL3GLa3AI8BAtAy4iWp33Mw3dALEPaOBqbgzVwU5YzGmzJJOlml9PUqWfxGKCgATSJbKBaHeenk/s640/20-07-2017-MAW+%25285%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRJOmrdyfEgpC7bc8NpVkveU6q7C_xfV_NmPcn1jQ58keSGvO3ATecaOzm0JEA32NccL3GLa3AI8BAtAy4iWp33Mw3dALEPaOBqbgzVwU5YzGmzJJOlml9PUqWfxGKCgATSJbKBaHeenk/s72-c/20-07-2017-MAW+%25285%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_998.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_998.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy