සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල වෛද්ය පීඨය වෙත යොමු කිරීමෙන් පසු, සයිටම් ආයතනයේ සේවකයින් වෙත පඩි ගෙවීම නතර කිරීමට එහි හිමිකාරීත්වය කටයුතු කර...
සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල වෛද්ය පීඨය වෙත යොමු කිරීමෙන් පසු, සයිටම් ආයතනයේ සේවකයින් වෙත පඩි ගෙවීම නතර කිරීමට එහි හිමිකාරීත්වය කටයුතු කර ඇත. මේ හේතුවෙන් දෙසියයකට අධික සේවක පිරිසක් දැඩි අර්බුදයකට මුහුණපා සිටිති.
ජූලි මාසයට අදාල වැටුප් කිසිදු සේවකයෙක් වෙත මෙතෙක් නොගෙවූ නිසා සේවකයින් ඒ සම්බන්ධයෙන් වෛද්ය නෙවිල් ප්රනාන්දුගෙන් විමසීමට කටයුතු කළේය.
ඒ අවස්ථාවේදී නෙවිල් ප්රනාන්දු මහතා එම සේවකයින්ට පවසා ඇත්තේ, සයිටම් සිසුන් කොතලාවල වෛද්ය පීඨයට යොමු කළ නිසා තමා සයිටම් ආයතනයේ කිසිදු සේවකයෙක් වෙත වැටුප් නොගෙවන බවයි.
ඔහු එම සේවකයින්ට පවසා ඇත්තේ තමාට වැටුප් ගෙවීමට මුදල් නොමැති බවත් වැටුප් අවශ්ය අය පඹ ජනාධිපතිගෙන් හා නපුංසක අගමැතිගෙන් වැටුප් ඉල්ලා ගත යුතුව ඇති බවයි.
කෙසේ නමුත්, සේවකයින් වෙත කිසිදු දැනුම්දීමකින් හෝ සේවකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විධිමත් පටිපාටීන් අනුගමනය නොකර හිතුවක්කාරී ලෙස මෙවැනි තීන්දුවක් ගැනීම පිළිබද සේවකයින් පීඩාවට හා විමතියට පත්ව සිටිති.
සයිටම් සේවකයින් වෙත වැටුප් ගෙවීම සදහා අවශ්ය මුදල් තමා සතුව නොමැති බව නෙවිල් ප්රනාන්දු පැවසුවද මෑතකදී හෝකන්දර ප්රදේශයේ නවීන තාක්ෂණයෙන් යුතු විශාල ප්රමාණයේ බේකරියක් හා බේකරි නිෂ්පාදන අළෙවිසැලක් ආරම්භ කර නෙවිල් ප්රනාන්දුගේ පුද්ගලික මැදිහත්වීමෙන් පවත්වාගෙන යන බව සදහන්.
ඒ සදහා ආයෝජනය කර ඇත්තේ සයිටම් ආයතනය සතුව තිබූ මුදල බවත් ඉතිරි මුදල් පවුලේ සාමාජිකයින් අතරේ ඔවුන්ගේ පුද්ගලික ගිණුම් හරහා බෙදා දීමටද නෙවිල් ප්රනාන්දු මහතා පියවරගෙන ඇත. තවද, සයිටම් සිසුන් ගෙවූ මුදල් වලින් ඔහු විශාල ඉඩම් ප්‍රමාණයක්ද මිලදී ගෙන වෙනත් පුද්ගලයින්ගේ නම් වලින් පවත්වාගෙන යයි.
මුල්ය හෝ ආයතනික පරිපාලනය සම්බන්ධයෙන් ආරම්භයේ සිටම කිසිදු විධිමත් ප්රතිපත්තියක් හෝ නිසි ක්රමවේදයක් අනුගමනය නොකළ නෙවිල් ප්රනාන්දු මහතා, සයිටම් ආයතනය පාලනය කළේ තම හිතුවක්කාරී ක්රමවේදයන් ඔස්සේය.
ආයතනික ප්රමිතිය සම්බන්ධයෙන් දීර්ඝකාලයක් තිස්සේ ප්රශ්න කෙරුණු අතර සයිටම් ආයතනයේ මහමොළකරු වූ දොස්තර සමීර සේනාරත්න මේ වන විට තමාටම වෙඩි තබා ගැනීමක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර, එහි උපකුලපති මහාචාර්ය ආනන්ද සමරසේකර තජිවුදීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.
කෙසේ නමුත්, ඇතැම් ආරංචිමාර්ග පවසන්නේ නෙවිල් ප්රනාන්දු මහතා මේ වන විට දැඩි මානසික රෝගයකින්ද පෙළෙන බවයි. සයිටම් සේවකයින්ගේ ඉරණම මානසික රෝගියකුගේ අත මත පමණක් පත්ව තිබීම තවත් ඛේදවාචකයක ආරම්භයක් වන්නේ සියලුම සේවකයින් දැඩි මුල්ය අර්බුදලයන් මධ්යයේ ජීවත්වීම නිසායි.
(විශේෂ වාර්තාකරුවෙක් විසිණී)
COMMENTS