දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

'සරා සලෙළු දන සතොසේ' - අනුර හෑගොඩ

ඒ දත්කුඩු කුඩාකල අප දැන සිටි 'කුඩු' ජාති කීපයකින් එකකි. මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු ආදී කුඩු කළ කුළුබඩු ද, අඹ සීයාගේ ලුණු කුඩු ද, ...

'සරා සලෙළු දන සතොසේ' - අනුර හෑගොඩ
ඒ දත්කුඩු කුඩාකල අප දැන සිටි 'කුඩු' ජාති කීපයකින් එකකි. මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු ආදී කුඩු කළ කුළුබඩු ද, අඹ සීයාගේ ලුණු කුඩු ද, හවස් යාමයේ පොල් කටු කීපයක් දවා එමතට දමමින් නිවස වටා දුං අල්ලන සාම්බ්‍රානි කුඩු ද ආදී වශයෙන් කුඩු වර්ග ගණනාවක් තිබුණ ද, අද අනෙක් කොයි කුඩු වලටත් වඩා ප්‍රසිද්ධියට පත්ව ඇති කොකේන් හෙවත් 'කුඩු' අපට දැක  ගන්නට තියා දැන ගන්නටවත් තිබුණේ නැත. 'කුඩු' යන විශේෂණ පදය අද කොකේන් විසින් තනි අයිතියට ගෙන තිබේ. අනෙක් කුඩු සියල්ලටම නාම පදයක් මුලට අවශ්‍ය වෙයි. 
 
ලංකාව පුදුම රටකි. එයට ඇඩ්‍රස් නැති නීති විරෝධී දේ විටින් විට පිටරටින්  එයි. වරෙක ග්‍රීස් ටින්තුළ කොකේන් ය. වරෙක ටයර්තුළ කොකේන් ය. නොයෙක් නොයෙක් දේ සමඟ පැමිණෙන කොකේන් ඊයේ පෙරේදා සීනි සමඟ පැමිණියේය. ඒ 'සතොස' හෙවත් සමුපකාර තොගවෙලඳ සංස්ථාවට ය. ඒ ආරංචිය සමඟ කුඩු පාවිච්චි කරන්නන් සතොස වෙළඳසල් ඉදිරිපිට පෝලිම් නොගැසුනේ මන්ද යැයි මට තේරුම් ගත හැක. සතොසින් කුඩු ගෙන්වුවානම් එසේ ගෙන්වන්නට ඇත්තේ රජය විසින් කුඩු පාවිච්චිය නීත්‍යානුකුල කර ඇති නිසා වන්නට ඇතැයි කුඩු ගසන්නන් නොසිතුවේ ඇයි? ඔවුන් රේගුව හෝ පොලිසිය තරම් මෝඩ නැත. සතොස ලොරියේ ආවත් කුඩු යන්නේ වෙන තැනකට බව  ඔවුන් නොදත්තත් කුඩු ගසන්නන් හොඳින් දැන සිටිති. සතොසට ආ කුඩු එය ගෙන්වන්නාහට යාමට තිබූ ඉඩ අහුරා ගත්තේ කුඩු ගසන්නන්හට තිබු  කෙටි තරංග   රේගුවට  හෝ පොලිසියට  නැති නිසාවෙන් වන්නට පුළුවන. අවසන රියදුරුත් කම්කරුවනුත් අත්අඩංගුවට පත් වන්නේ ඒ නිසාමය. 
 
අපරාධ ඇල්ලීම පිළිබඳව ලෝකයේ රටවල් බොහොමයක් දියුණු ක්‍රමවේද භාවිතා කරති. නීති විරෝධී යමක් රටට ගෙන්වා ඇතිබව දැනුණු විගස එය අත් අඩංගුවට  නොගෙන, එය ඇති තැනින් ගෙනයාමට පැමිණෙන්නේ කවරෙකුදැයි හෝ එහි ගමනාන්තය  කොහේදැයි බලා සිට අපරාධකරුවන් අත් අඩංගුවට ගැණීම එහි හෝඩි පොතේ පළමු පාඩමය. අප අපරාධ අල්ලන්නන්ගේ  සමහර ක්‍රමවේදයන්ගෙන් හැඟෙන්නේ ඔවුන් එම හෝඩියට වත්  අත්පොත් තබා නැති බවය. තවමත් ග්‍රීස් ටින් තුල කුඩු ආනයනය කළ සත්ගුණවත් ව්‍යාපාරිකයින් කවුදැයි අප දන්නේ නැත. එම කුඩු වලට වූයේ කුමක් ද යන්නවත් අප දන්නේ නැත. සතොසේ සීනි සමඟ ආ කුඩු වලටද එය ගෙන්වූ පිරිසටද  ද එසේම වන්නට ඉඩ ඇත. 
 
කුඩු නිසා අප නීතිය ක්‍රියාත්මක කරවන්නන්ගේ කීර්තිනාමය කුඩු පට්ටම් වූ පළමු අවස්ථාව මෙය නොවේ. දෙවන අවස්ථාවද මෙය නොවේ. අන්තිම අවස්ථාවද මෙය වන්නේ නැත. 
 
වෑත්තෑවේ හිමිගේ ගුත්තිල කාව්‍යයේ පද දෙකක් සොරා ගත්තාට උන් වහන්සේ උරණ වනු ඇතැයි නොසිතමි. 
 
'සරා සලෙළු දන "සතොසේ"
සුරා පාන කරණ ලෙසේ'
කුඩු ඉරුම ද වෙයි රිසිසේ 
ඇමති කෙනෙක් ඇයි දුකසේ 
 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28599,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'සරා සලෙළු දන සතොසේ' - අනුර හෑගොඩ
'සරා සලෙළු දන සතොසේ' - අනුර හෑගොඩ
http://ift.tt/2uYhCEv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_992.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_992.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy