අට වතාවක් විම්බල්ඩන් ශූරතාවය දිනා ගත් ඉතිහාසයේ ප්‍රථමයා බවට පත්වෙමින් සහ ග්‍රෑන්ඩ් ස්ලැම් ශූරතාවය 19 වතාවක් දිනා ගනිමින් මේ 35 හැවිරිදි ස...
අට වතාවක් විම්බල්ඩන් ශූරතාවය දිනා ගත් ඉතිහාසයේ ප්‍රථමයා බවට පත්වෙමින් සහ ග්‍රෑන්ඩ් ස්ලැම් ශූරතාවය 19 වතාවක් දිනා ගනිමින් මේ 35 හැවිරිදි ස්විස් ක්‍රීඩකයා, විම්බල්ඩන් ක්‍රීඩා ඉතිහාසය නැවත ලියා තිබේ.
මෙම 19 වැනි ග්‍රෑන්ඩ් ස්ලැම් ශූරතාවයත් සමග ත්‍රාජර් ෆෙඩරර් දැන් පසුවන්නේ ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායල් නඩාල්ට ද වඩා ග්‍රෑන්ඩ් ස්ලැම් 4 ක් ඉදිරියෙනි.
1976 වසරේ ජෝර්න් බෝර්ග් ගෙන් පසුව එක තනි අවස්ථාවක් හෝ අපතේ නොයවා විම්බල්ඩන් ශූරයා බවට පත්වූ පළමුවැන්නා බවට ද රොජර් ෆෙඩරර් මේ අනුව පත් වේ.
සිය වම් පාදයේ නැගුණු දිය බුබුලු සමග ක්‍රීඩා කිරීමේ අපහසුතාවකින් පෙළුණු කොයේෂියාවේ මරින් සිලික් පරදවා ෆෙඩරර් 6-3” 6-1 සහ 6-4 වශයෙන් අවසන් තරගය නිමා කළේය.
මෙම තරගය දෙදෙනාටම පීඩාජනක එකක් බව පෙනිණි. ෆෙඩරර්, සිය අවසන් තරගයේ ප්‍රතිවාදියා සිලික් වීම සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන බව පෙනෙන්නට තිබුණේ, පසුගිය වසරේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ඔහු සිලික් හට පරාජය වූ හෙයිනි.
ක්‍රොයේෂියානු ජාතික සිලික් මුලින් ශක්තිමත් ආරම්භයක් ලබාගත් නමුත් දෙවන වටයේදී දුර්වල ලකුණු සටහනක් ඉතිරි කර, පසුව තෙවැනි වටයේදී සිය දස්කම් අතරට පැමිණියේය. නමුත් ෆෙඩරර්ගේ දස්කම් පැවතියේ ඔහුට වඩා ඉදිරියෙනි. පන්දුව දැළෙහි වැදීම හේතුවෙන් සිලික් හට කැපී පෙනෙන පසුබෑමකට ලක්වන්නට සිදුවූ අතර, ක්‍රීඩා ලෝලීන්ගෙන් කඳුලු සඟවා ගන්නට ඔහුට නොහැකි විය. නැවත තරගය ආරම්භ වීමට පෙර ඔහු වෙත උපදේශකවරයෙකු මෙන්ම වෛද්‍යවරයෙකු ද කැඳවන්නට සිදුවිය. එසේම තරග තීරකවරයෙකු සමග කතාබස් කිරීමේ අවස්ථාව ද ඔහුට උදාකර දෙන ලදී. පසුව සිලික් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණි බව පෙනී ගියත්, ඒ වන විටත් ඇති වී තිබූ පසුබෑම යථා තත්වයට පත් කර ගැනීමට ඔහු සමත් වුණේ නැත.
අවසානයේ ස්විස් ශූරයා, විජයග්‍රාහී යූ හැරවුමකින් දමා ගසමින් සිය විසල් දිනුම වාර්තා කළේය.
තරගයෙන් පසු සිලික් පැවසුවේ “මම මගේ ජීවිතයේ හොඳම ටෙනිස් අද ක්‍රීඩා කළා. මම මගේ උපරිමය ලබාදුන්නා. මා හිතන්නේ මා මෙහි ආපසු එනවා..” යනුවෙනි.
ක්‍රොයේෂියානු ක්‍රීඩකයා තරගයේදී පත්වූ හැඟීම්බර තත්වය පිළිබඳව, හිටපු විම්බල්ඩන් ක්‍රීඩකයෙකු සහ දැන් බීබීසී නිවේදකයෙකු ලෙස කටයුතු කරන බොරිස් බෙකර් පැවසුවේ” “ඒක තමයි ටෙනිස් ක්‍රීඩාවේ ස්වභාවය. මේ විම්බල්ඩන් පිටියේ ඔබට සැඟවෙන්නට තැනක් නැහැ..” යනුවෙනි.
COMMENTS