දැනට මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී තනතුරු 4486 ක් ඇති අතර එය 8825 ක් දක්වා වැඩිවීමට නියමිත බව හෙතෙම පෙන්වා දෙයි. මීට අම...
දැනට මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී තනතුරු 4486 ක් ඇති අතර එය 8825 ක් දක්වා වැඩිවීමට නියමිත බව හෙතෙම පෙන්වා දෙයි. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රාදේශීය සභාව අලුතින් පිහිටුවීමට නියමිතය. ඒ අනුව පළාත් පාලන ආයතන ප්‍රමාණය 336 දක්වා වැඩිවේ.
නව පනත සංශෝධනය වීමන් පසු අනිවාර්ය කාන්තා නියෝජනයට අනුව මන්ත්‍රීවරියන් 2200 කට වැඩි පිරිසක් ද පත්වනු ඇත.
මීළඟ පාර්ලිමේන්තු සැසියේදී සංශෝධන පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවනු ඇති බව ප්‍රකාශ කරන ඇමතිවරයා අවධාරණය කරන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙර එහි විභාග අපේක්ෂකයන්ට බාධාවක් සිදු නොවන පරිදි මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.
මේ වනවිට සියලු පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්ව ඇති අතර සමහර ආයතන වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ කොමසාරිස්වරුන් හෝ ලේකම්වරුන් යටතේ පාලනය වේ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS