ශ්‍රී ලංකන් ගුවන් ආයතනයේ හිටපු සභාපතිවරයා නිල නිවාස තුනක් භාවිතා කර ඇති බවත්,ජංගම දුරකථන හයකට ගෙවීම් ලබා ඇති බවත් පවසන රාජ්‍ය ව්‍යවසාය සංව...
ශ්‍රී ලංකන් ගුවන් ආයතනයේ හිටපු සභාපතිවරයා නිල නිවාස තුනක් භාවිතා කර ඇති බවත්,ජංගම දුරකථන හයකට ගෙවීම් ලබා ඇති බවත් පවසන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කබීර් හෂීම් මහතා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (19) ශ්‍රී ලංකන් ආයතනයට අයත් කටුනායක සේවා අංශ නිරීක්ෂණයට සහ ශ්‍රී ලංකා කේටරින් ආයතනය නිරීක්ෂණයට එක් වෙමිනි.
ශ්‍රී ලංකන් ආයතනය ලබා ඇති පාඩුව ඩොලර් මිලියන තුන් දහස් දෙසිය පනස් දෙකක් බවත් එම පාඩුව දකුණු අධිවේගී මාර්ගයට වැය වූ මුදල හා සලකද්දී එවැනි අධිවේගී මාර්ග පහක් සෑදීමට යන මුදල හා සමාන වන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මේ වන විට එම පාඩුව අවම කර ගනිමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ආයතනය වසා දැමීම හෝ එය විකුණා දැමීම සිය අභිප්‍රාය නොවන බවත් ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකන් ආයතනය කලාපයේ හොඳම ගුවන් සේවාව කිරීමට තම දායකත්වය උපරිමයෙන් ලබා දෙන බව පෙන්වා දුන්නේය.
නව පරිපාලනය යටතේ ශ්‍රි ලංකන් ආයතනය 2015 සහ 2016 යන දෙවසර තුළ සිය පාඩුව ඩොලර් මිලියන 43 දක්වා අඩු කර ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය 2014 හා 2015 තුළ ඩොලර් මිලියන 127 ක් බව පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකන් ආයතනයේ පසුගිය පරිපාලනය යටතේ සිදු වූ දූෂණ,අක්‍රමිකතා,දේශපාලන වශයෙන් එහි සම්පත් අයථා භාවිතය ගැන පෙන්වා දුන් අමාත්‍යවරයා ඇතැම් ශ්‍රී ලංකන් සේවකයන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේ සේවය කිරීමට රුපියල් ලක්ෂ ගණනින් මාසිකව වැටුප් ගෙවා ඇති බව තහවුරු වී තිබෙන බව පෙන්වා දුන්නේය.
මේ වන විට සේවය කරන සියළු සේවකයන්ද යම්තාක් දුරකට වරද භාරගත යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ කිසිවෙක් ඊට එරෙහිව වචනයක් හෝ කතා නොකර නිශ්ශබ්දව සිටීමෙන් එයට යම් සහයක් දී ඇති බවයි.
අද සිට සිය අමාත්‍යංශ නිලධාරීන් තමාගේ උපදෙස් පිට ශ්‍රී ලංකන් ආයතනය වඩා ඵලදායි ආයතනයක් බවට පත් කරන්නට අවශ්‍ය නිරීක්ෂණ සහ නිර්දේශ සැපයීම වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදි තව දුරටත් අවධාරණය කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉන්ධන මිල ආදියේ ගැටළු විසදීම සඳහා ප්‍රතිපත්තිමය එකතාවයන් ඇති කර ගත යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ශ්‍රී ලංකන් ආයතනයේ පුහුණු පාසල හරහා ඉගෙනුම ලබන සිසු සිසුවියන් ආයතනයට බඳවා ගැනීමේ දී ප්‍රමුඛතාවය දී කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
COMMENTS