කසල ඉවත් කිරීමේ කටයුතුවලදී ජනතාවගේ සෞඛ්‍යයට යම්කිසි හෝ හානියක් වන්නේ නම් එය නතර කිරීමටද කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කසල...
කසල ඉවත් කිරීමේ කටයුතුවලදී ජනතාවගේ සෞඛ්‍යයට යම්කිසි හෝ හානියක් වන්නේ නම් එය නතර කිරීමටද කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කසල ඉවත් කිරීම හා කළමනාකරණය වෙනුවෙන් දැන් කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් හඳුනා ගෙන ඇති අතර ඩෙංගු ප්‍රශ්නය සම්පුර්ණයෙන්ම විසඳීමට පෙර කසල ප්‍රශ්නය විසඳිය යුතු බව හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම අධ්‍යාපනය,ආර්ථික සංවර්ධනය යන කාරණා පිළිබඳවද ඉටු කිරීමට කාර්ය භාර්යයන් රැසක් ඇති බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ උත්සාහය වන්නේ මේ වසර කිහිපයේදී මේ ප්‍රශ්න විසඳාගැනීමට පදනම සකස් කිරීම බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=h4sNQlULQh8[/youtube]
COMMENTS