දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අද මම දෘශ්‍ය කලාව සමඟ පමණයි ගනු දෙනු කරන්නෙ - මහාචාර්ය සුනිල් ආරියරත්න
Homeප්‍රවෘත්ති

අද මම දෘශ්‍ය කලාව සමඟ පමණයි ගනු දෙනු කරන්නෙ - මහාචාර්ය සුනිල් ආරියරත්න

PropellerAds

ඔබේ නවතම නිර්මාණයවන යශෝධරා සඳහා පදනම සැකසෙන්නෙ කොහොමද? මම පූජාවලිය කියන සම්භාව්‍ය කෘතිය කියවද්දි ඒ කෘතියේ එන එක පරිච්ඡේදයක යශෝධරා ගැන සඳ...

ඉදිරියේදී දින 02ක් අඳුරේ ඉන්න සුදානම් වෙන්න
dambulla schoolgirl
රාජපක්ෂලාට ලාදුරු... ජනතාව ලඟදීම හොඳ කරයි - හිරුණිකාගෙන් අනාවැකියක්!
අද මම දෘශ්‍ය කලාව සමඟ පමණයි ගනු දෙනු කරන්නෙ - මහාචාර්ය සුනිල් ආරියරත්න

ඔබේ නවතම නිර්මාණයවන යශෝධරා සඳහා පදනම සැකසෙන්නෙ කොහොමද?

මම පූජාවලිය කියන සම්භාව්‍ය කෘතිය කියවද්දි ඒ කෘතියේ එන එක පරිච්ඡේදයක යශෝධරා ගැන සඳහන් වෙනවා. ඒ කොටස කියවීමෙන් ලද උත්තේජනය මත තමයි මේකට පදනම සැකසෙන්නෙ.

මේ සඳහා නළු නිළියන්තෝරා ගත්තෙ කොහොමද?

පැහැදිළිවම අපි තීරණයක හිටියා ප්‍රකට නළු නිළියන් ගන්නෙ නැහැ කියලා. ඊළඟට අපේ පරමාර්ථය ක් තිබුණා ලංකාවෙන් නළු නිළියො ගන්නෙ නෑ කියලා ප්‍රධාන චරිත සඳහා.

ලාංකීය සිනමාවට මේ මොහොත තුළ යශෝධරා වැනි චිත්‍රපටියක් වැදගත් වන්නේ කෙසේද?

මං හිතනවා යශෝධරා තමයි සමස්ථ ස්ත්‍රී වර්ගයාගෙන්ම, ඒ කියන්නෙ ශ්‍රී ලංකාවේ බෞද්ධ වනිතාවන්ගෙ පරමාදර්ශී චරිතය යශෝධරා. ආලය යනු පරිත්‍යාගයයි කියන ප්‍රකාශනය තමයි ඇගෙන් පළ වෙන්නෙ. ඒ නිසා මං හිතුවා යශෝධරා වගේ චිත්‍රපටියක් කළොත් හොඳයි කියලා.

බැරට් ලේඩි ඔෆ් ද ලෝටස් පොත ලියද්දි යශෝධරා ගැන ලියවුණ පොත් දහසකට අධික ප්‍රමාණයක් පරිශීලනය කරලා තියෙනවා
ඔබ මේ සිනමා පටය නිර්මාණය කරද්දි කොයි වගේ අධ්‍යයනයක් ද සිදු කළේ?

මම කෘති පහළොවක් දාසයක් පරිශීලනය කළා. බැරට් ට අපිට වගේ බෞද්ධ සංස්කෘතික වටා පිටාවක් නෙමෙයි තිබ්බෙ. අපිට අපේ සාම්ප්‍රදායික බෞද්ධ ජනතාව ගැන හිතන්න වෙනවා.

ඒ කියන්නෙ ඔබ වෙනත් සංස්කෘතික වටාපිටාවක හිටියා නම් බිහි වෙන යශෝධරා මීට වඩා වෙනස්ද?

පැහැදිළිවම වෙනස් යශෝධරාවක් වෙනවා. මොකද එහිදී ලැබෙන නිදහස වැඩියි. බොහෝ විට ඒ නිදහස බැරට් ගේ යශෝධරා බවට පත්වෙන්න තිබුණා. එහෙම නැතිනම් බැරට් ගේ යශෝධරාම චිත්‍රපටියක් බවට පත් කරන්න තිබුණා.

ඔබ එහෙම ප්‍රකාශ කරද්දිම ඔබට හිතෙන් නැද්ද ඔබ ඔබේ නිර්මාණයට කලාකරුවෙක් වශයෙන් අවංක වෙලා නෑ කියලා. ?

හැමතිස්සෙම අපි ශ්‍රී ලාංකීය සංස්කෘතිය ශ්‍රී ලාංකීය පසුබිම තුළ ඉන්න ඕන කියන එක තුළ ඉඳළයි මගේ නිර්මාණ මං හැම එකක්ම කරලා තියෙන්නෙ. ඒක නිසා එතනදි මට පසුතැවීමක් වත් කොටු වීමක් වත් දකින්න ලැබෙන්නෙ නැහැ.

ඔබ වර්තමානයේ කාන්තාව අත් විදිනු ලබන ප්‍රශ්න සහ ගැටළුකාරී තත්වයන් විග්‍රහ කරගන්නෙ කොහොමද?

ස්ත්‍රිය කියන තැනැත්තිය ගැන මගේ බොහෝ චිත්‍රපටවල කතා වෙලා තියෙනවා විවිධ ආකාරයෙන්. විශේෂයෙන් උත්ඵලවන්නා, කුස පබා, පත්තිනි, යශෝධරා කියන නිර්මාණ කෘති හතරෙම ප්‍රධාන වෙන්නෙ ස්ත්‍රිය. ඒ ස්ත්‍රියගෙ ඇසුරින්, ඒ කියන්නෙ මේ අය ඇඳුම් ඇග ලා ගත්තට පසුබිම වෙනස් වුණාට මේ චිත්‍රපට හතරේ ඉන්දීය ස්ත්‍රිය තුළ නූතන ස්ත්‍රිය ඉන්නවා කියලා මං විස්වාස කරනවා.

සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය ගැන ඔබේ අදහස කුමක්ද?

මම ප්‍රතිපත්තියක් හැටියට කවදාවත් කිසිම සංවිධානයක සාමාජිකයෙක් බවට පත් වෙන්නෙ නැහැ. මම චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමයේ හිටියා. එයින් පස්සෙ මං තීරණය කළා කිසිම චිත්‍රපට අධ්‍යයක්ෂක සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන් නෑ කියලා. මට ඒ සංගම් ගැන කිසිම විස්වාසයක් නෑ.

මොකක්ද ඒකට හේතුව කියලා කියන්න පුළුවන්ද?

මේ සංගම් සියල්ල පවුද්ගලික මතවාද සමඟ පටලවා ගත්ත එකිනෙකාගේ එදිරිවාදිකම් පිරිමසා ගන්න ආයතනය ක් හැටියටයි මං දකින්නෙ. මං හිතන්නෙ මේ වගේ පොදු පරමාර්ථය ක් සඳහා කිසිවෙකු සටන් කරන බවක් මා දකින්නෙ නැහැ.

ඇයි ඔබ ලිඛිත මාධ්‍යයට වඩා දෘශ්‍ය මාධ්‍යයට දැන් මුල් තැනක් දෙන්නෙ

මටම පවුද්ගලික හේතුවක් තියෙනවා. මගේ නිර්මාණ කාලය යොදා ගත්තෙ මං ගේය පද රචනයට හා සිනමාවට. ඒක 1978 ඉඳළා ගමන් කළා. මීට අවුරුදු දහයකට විතර කලින් මං මගේ ගීත රචනා කලාව නැවැත්තුවා. ඒ නිසා අද මම දෘශ්‍ය කලාව සමඟ පමණයි ගනු දෙනු කරන්නෙ

අවසාන වශයෙන් කියන්න අපට යශෝධරා නැරඹීමට ලැබෙන්නෙ කවදා සිටද?

මම බලාපොරොත්තු වෙනවා 2018 ජනවාරි මාසයේ මේ චිත්‍රපටය තිරගත කරන්න.

සාකච්ඡා කළේ
බාසුරු ජයවර්ධන

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අද මම දෘශ්‍ය කලාව සමඟ පමණයි ගනු දෙනු කරන්නෙ - මහාචාර්ය සුනිල් ආරියරත්න
අද මම දෘශ්‍ය කලාව සමඟ පමණයි ගනු දෙනු කරන්නෙ - මහාචාර්ය සුනිල් ආරියරත්න
http://ift.tt/2tW0oYc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_474.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_474.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy