ඊශ්‍රායල් තානාපති කාර්යාලය පවත්වාගෙන ගොස් තිබෙන්නේ නේවාසික ගොඩනැගිල්ලක් තුළ ය. නමුත් මෙය අධිආරක්ෂිත කලාපයක් වශයෙන් පවත්වාගෙන ගිය ප්‍රදේශය...
ඊශ්‍රායල් තානාපති කාර්යාලය පවත්වාගෙන ගොස් තිබෙන්නේ නේවාසික ගොඩනැගිල්ලක් තුළ ය. නමුත් මෙය අධිආරක්ෂිත කලාපයක් වශයෙන් පවත්වාගෙන ගිය ප්‍රදේශයකි. ප්‍රහාරයත් සමග ඊශ්‍රායල් බලධාරීන් විසින් තානාපති කාර්ය මණ්ඩලය එම ස්ථානයෙන් ඉවත්කරගෙන තිබේ.
මෙම ප්‍රහාරය වාර්තා වන්නේ නැගෙනහිර ජෙරුසලමේ ඊශ්‍රායලය විසින් ලෝහ නිවාරක සවිකිරීම සම්බන්ධයෙන් ජෝර්දාන් ජාතිකයන් දහස් ගණන් දෙනා විසින් ඊශ්‍රායලට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූ දිනයට පසුදා වීම විශේෂත්වයකි. නැගෙනහිර ජෙරුසලම මුස්ලිම් සහ යුදෙව් යන ජන වර්ග දෙකෙහිම ශුද්ධ වූ භූමියක් ලෙස සලකන නමුත් ඊශ්‍රායලය විසින් එහි වැඩි ආධිපත්‍යයක් අත් කරගෙන සිටියි.
-අමාලි ජයවීර
COMMENTS