2018 වසර සඳහා රජයේ නිවාඩු දින දන්වමින් රජය විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් 2018 අප්‍රේල් 29 වැනිදාට යෙදෙන පොහොය වෙසක් ...
2018 වසර සඳහා රජයේ නිවාඩු දින දන්වමින් රජය විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් 2018 අප්‍රේල් 29 වැනිදාට යෙදෙන පොහොය වෙසක් පෝ දින ලෙස නම් කරමින් බරපතළ විකෘතිතාවක් සිදුකර ඇතැයි ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.
බෞද්ධ ජනතාවගේ අති පූජනීය වෙසක් පොහොය දිනය මෙලෙස විකෘති කිරීමෙන් ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව මහත් අපහසුතාවට පත්වන බවත් එබැවින් මෙම වරද නිවැරදි කිරීම සඳහා මැදිහත්වන ලෙස ත්‍රෙනිකායික මහනාහිමිවරුන්ගෙන් සහ ජනාධිපති, අගමැති, ප්‍රමුඛ මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
2018 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සහ 31 වැනිදා පොහොයවල් දෙකක් යෙදී ඇති අතර එම පොහොය දෙක දුරුතු සහ නවම් පොහොය ලෙස නම් කරමින් 2018 වසරේ රජයේ නිවාඩු දින දක්‌වමින් නිකුත් කර ඇති 2024/55 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් කර ඇතැයි පවසන මන්ත්‍රීවරයා මැයි මස 29 වැනිදාට යෙදී ඇති පොහොය අධි පොසොන් පොහොය ලෙස නම්කර ඇතැයිද ප්‍රකාශ කරයි.
ජනවාරි මාසයට යෙදී ඇති පොහොය දෙක දුරුතු සහ අධි දුරුතු පොහොය ලෙස සැලකීමෙන් ඉහත ගැටලුව විසඳෙන බවත් එසේ නොවුණහොත් ලබන වසරේදී ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට වෙසක් පොහොය සැමරීමට සිදුවන්නේ අප්‍රේල් මාසයේදී බවත් සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS