මෙම ඩිලාන් රත්නායක යනු නාවික හමුදාවේ හිටපු අද්වකාත් ජනරාල්වරයකුගේ ගෝලයෙකි. එකී හිටපු අද්වකාත් ජනරාල්වරයා විසින් ම ඩිලාන් රත්නායකව රිය අනත...
මෙම ඩිලාන් රත්නායක යනු නාවික හමුදාවේ හිටපු අද්වකාත් ජනරාල්වරයකුගේ ගෝලයෙකි. එකී හිටපු අද්වකාත් ජනරාල්වරයා විසින් ම ඩිලාන් රත්නායකව රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුව මරුමුවට පත් කිරීමක් පිළිබඳව නඩුවකින් බේරාගැනීමට ද කටයුතු කර ඇත. මේ මොහොතේ ඩිලාන් නැටවෙන්නේ හිටපු නාවික හමුදා නීති කටයුතු භාරව සිටි එකී අද්වකාත් ජනරාල්ගේ පදයට ය. ඒ අනුව, සිසුන් අතුරුදන් කරවීමේ නඩුවෙහි දී රජයේ නීතීඥවරියව ඩිලාන් හසුරුවන්නේ පෙර කී නාවික හමුදා නීති කටයුතු භාරව සිටි පුද්ගලයාගේ වුවමනාවන් අනුව බව පැහැදිලිය.
යම් හෙයකින් ඊයේ දිනයේ සැකකාර නාවික හමුදා නිලධාරීන්ට ඇප ලබා දුන්නේ නම් ඊළඟ නඩු විභාගයේ දී හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු දසනායකට ද ඇප ලබා දීමට සිදුවනු ඇත. ඉන් සිදුවනු ඇත්තේ ඉදිරි විමර්ශන කටයුතු සම්පූර්ණයෙන් ම කඩා වැටීමය.
මේ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වහාම නීතිපතිවරයා හමු වී තත්වය පැහැදිලි කර තිබේ. මෙය තේරුම්ගත් නීතිපතිවරයා අවසානයේ පුද්ගලිකව ම මැදිහත්වීම තුළින් සැකකරුවන්ට ඇප ලබා දීමට විරෝධය ප්‍රකාශ කිරීමට හැකි වී ඇත.
COMMENTS