දුම්රිය ධාවනය වනවා දැක දැක වසා තිබූ දුම්රිය ගේට්‌ටුව හරහා යතුරු පැදි දෙකකින් ගමන් කළ පාසල් සිසුන් දෙදෙනකුට තරයේ අවවාද කළ කළුතර ප්‍රධාන මහෙස...
රුපියල් 2000 බැගින් රුපියල් 4000 ක රජයේ ගාස්‌තු ගෙවන ලෙස 11 දා නියෝග කළාය.
කළුතර නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 17 හැවිරිදි මෙම දරුවන් දෙදෙනාගේ පියවරුන්ට හෝ භාරකරුවන්ට එරෙහිව රියෑදුරු බලපත්‍ර පවා නොමැති දරුවන්ට යතුරු පැදි ලබා දීම
තමන් රාජකාරී කටයුත්තකට ගොස් පැමිණ සිටියදී ශ්‍රී සුමංගල පාරේ දුම්රිය ගේට්‌ටුව වසා තිබූ බවත් දුම්රිය ළඟ ළඟ ධාවනය වන බවට විදුලි සංඥා දල්වමින් තිබියදී මෙම දරු දෙදෙනා කොළඹ සිට මාතර දක්‌වා ධාවනය වූ සාගරිකා දුම්රිය දැක දැකත් යතුරු පැදි දුම්රිය ගේට්‌ටුව හරහා ධාවනය කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් පොලිස් පරීක්‍ෂක ලාලිත වීරසිංහ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙම දරුවන් පාසල් සිසුන් හෙයින් දැඩි ලෙස අවවාද කර මුදා හරින ලෙස පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් කියා සිටියේය. මෙහිදී පොලිසිය ඇමතූ විනිසුරුවරිය මෙම දරුවන්ගේ මවුපියන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන ලෙස පොලිසියට නියෝග කළාය.
විජයසිරි විද්‍යාසේකර
COMMENTS