ජුලි 12, 2017 14:30 නලින් දිල්රුක්ෂ ශ්‍රී ලංකාවේ දැනට මදුරු වර්ග 140 ක් පමණ සිටින බව වාර්තා වෙනවා. ඒ අතර ඊඩිස් ඊජිප්ටයි හ...
ජුලි 12, 2017 14:30
ශ්‍රී ලංකාවේ දැනට මදුරු වර්ග 140 ක් පමණ සිටින බව වාර්තා වෙනවා. ඒ අතර ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙක පමණක් ඩෙංගු රෝග කාරක වෛරසය ව්‍යප්පිතිය සඳහා සඳහා දායක වේ.
ඊඩිස් මදුරුවන්ගේ ජීවන චක්‍රයේ ජලජ තුළ (බිත්තර, කීට හා පිලා අවස්ථා) ගත කරනවා. ගොඩබිම අවස්ථා සුහුඹුල් මදුරුවා වේ.
ගැහැනු මදුරුවන් ජලය සහිත බඳුන් වල ජල මට්ටමට මඳක් ඉහළින් තෙත සහිත පෘෂ්ටයේ බිත්තර අලවන අතර මෙම බිත්තර වතුර හා ගැටුන විට (වැස්ස නිසා හෝ වෙනත් ක්‍රමයකින් වතුර එකතුවීම මගින්) බිත්තර පුපුරා කීට අවස්ථාව බවට පත්වේ. කීටයා අවශ්‍ය ශරීර ප්‍රමාණයට පැමිණීමෙන් පසු පිලවා අවස්ථාවට පත්වේ.
මෙම ජීවන චක්‍රය සම්පුර්ණ කිරීම සඳහා දින 8-10 අතර කාලයක් ගත කරයි.
මේ තත්ත්වය සැලකිල්ලට ගත් කල නොදන්නා තැනක ඇති ජලයේ නොව, හෙවණ ඇති ස්ථානවල අප විසින්ම තබන මදුරු උගුල් (පිරිසිදු වතුර බඳුන් හෙවන ඇති ස්ථානවල තැබී මෙන් ඒවායේ මදුරුවන් බිත්තර දමනු ලබයි) දින පහකට වරක් අනිවාර්යෙන්ම මේ අප තබන බදුන්වල ඇතිවන කීටයන් මාලුන් පිරි ටැංකියකට හෝ වලකට දමා වැසීමෙන් මදුරුවන් බෝවීම පාලනය කරගත හැකියි. බලන්න මේ ක්‍රමය කොතරම් සරලද?
COMMENTS