ආර්ථික විද්‍යාවෙන් මෙන් ම ජීව විද්‍යාවෙනුත් ඉහළට ම ප්‍රියන්ත වීරසූරිය නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිබඳව පොලිස් සේවය තුළ කතාබහ වන්නේ 'ඔහ...
ආර්ථික විද්‍යාවෙන් මෙන් ම ජීව විද්‍යාවෙනුත් ඉහළට ම
ප්‍රියන්ත වීරසූරිය නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිබඳව පොලිස් සේවය තුළ කතාබහ වන්නේ 'ඔහු ආර්ථික විද්‍යාවේ ඉහළට ම ගිය පුද්ගලයෙක්' ලෙස ය. ඉන් ඇත්තට ම අදහස් කෙරෙන්නේ ප්‍රියන්ත වීරසූරියගේ ආර්ථිකය ඉතා ම හොඳ බව ය. ( සැපයුම් කියන්නේම කැපිල්ල හොඳ තැනක් බව දන්නෝ දනිති ) මෙය ඉහළ පොලිස් නිලධාරීන් අතර ජනප්‍රිය කතාවකි. මෑත දිනයක නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් කතා බහ කරමින් සිටිය දී මොහු ද කතාවට මාතෘකාවක් වී තිබේ. ඒ මොහොතේ එක් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පවසා ඇත්තේ ප්‍රියන්ත වීරසූරිය යනු ආර්ථික විද්‍යාවේ පමණක් නොව ජීව විද්‍යාවේ ද ඉහළට ම ගිය අයකු බවයි. ඒ පිළිබඳව වැඩි විස්තර විමසීම දී හෙළිදරව් වී ඇත්තේ ප්‍රියන්ත වීරසූරිය නි.පො.ප වරයා කාන්තා පොලිස් නිලධාරිනියක් සමඟ මහනුවර හෝටලයකට ගොස් සිටියදී පෙර කී නියෝජ්‍ය පොලිස්පති වරයාට අතට ම හසු වී ඇති බවය.
ජරාව වුණත් තෝරා බේරා ගෙන කෑම
දෙදෙනාගේ ම කැමැත්තෙන් සිදු වූවක් නම් ප්‍රියන්ත වීරසූරිය ජීව විද්‍යාවේ කොතෙක් ඉහළට ගිය ද එය අපට ගැටළුවක් නොවේ. අපට ගැටළුව ඇත්තේ මොහු දැනට වසර 6ක් තිස්සේ දිගට ම පොලීසියේ සැපයුම් භාරව සිටීම ය. මෙසේ කුරා කුහුඹුවකුගෙන් කරදරයක් නැතිව මොහුට සැපයුම් මහ පුටුවේ මෙතෙක් කල් රැඳෙන්නට ලැබීමේ එක් රහසක් නම් මොහු සෑම සැපයුම්කරුවකුගෙන් ම අල්ලස් නොගැනීම ය. මොහු අල්ලස් ගන්නේ ඉතා හොඳින් තෝරා බේරාගත් පිරිසකගෙන් පමණ ය. එයද හීන් නූලෙන් ය.
සැබැවින් ම නි.පො.ප. (සැපයුම්) ප්‍රියන්ත වීරසූරිය ඉතා සූක්ෂම ලෙස කටයුතු කරන මිනිසෙකි. ඉතාම සැලසුම් සහගතව කටයුතු කරන මිනිසෙකි. ඒ සැලසුම් සහගත බව ඔහු පොලිස් සේවය තුළ පැමිණි ගමනෙන් ම පෙනේ. එයත් නොපෙනේ නම් පෙර කී පොලිස් කාන්තාවත් රැගෙන මහනුවරට ම ගිය ගමනෙන් පෙනේ. හදිසියට කොළඹ ම හෝටලයකට නොගොස් ඔහු මහනුවරට ම ගියේ සැලසුම් සහගත බව නිසාය. තවත් නි.පො.ප.වරයකු එතැනට පාත් වුණේ හිතාගැනීමට සම්භාවිතාවක් නොමැති ම තරම් අහඹුවකිනි.
පැලවත්තේ සුඛෝපභෝගී නිවස
මොහුගේ සූක්ෂම භාවය කෙතරම්ද යත් මොහු පැලවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් තනන බව කිසිවකුම දැන සිටියේ නැත. එය ද තවත් නියෝජ්‍ය පොලිස්පති වරයකුගේ නැන්දම්මා කෙනෙකුට හසු වූයේ අහඹුවකිනි. එකී පොලිස් නැන්දම්මා අදාල නිවස අසල දී හමු වූ විට ප්‍රියන්ත වීරසූරිය පවසා තිබුණේ "මේ යාළුවෙක් ගෙයක් හදනවා, මං පොඩ්ඩක් බලලා යන්න ආවා" යනුවෙනි. එහෙත් කාගේ වුණත් නැන්දම්මා කෙනෙක් බැවින් සහ නැන්දම්මෙකු තැම්බීම නි.පො.ප. (සැපයුම්) කෙනෙකුට වුවත් අපහසු බැවින් අදාල නැන්දම්මා පසු දිනයේත් නිවස හදන වැඩබිමට ගොස් එහි සේවයෙහි නියුතු මේසන් වරුන්ගෙන් "කෝ, මහත්තයා නැද්ද ?" යනුවෙන් විමසා ඇත. නිවෙස් හිමි ප්‍රියන්ත වීරසූරියගේ හිතවතෙකු පැමීණ ඇති බව සිතූ සේවකයින් ද "මහත්තයා ඉතිං හැමදාම එන්නේ නෑනෙ නෝනා. නෝනලාගෙ යාළුවොනෙ, අපිට වඩා දන්නවා ඇතිනෙ" යනා දී වශයෙන් සම්පූර්ණ පට්ටන්දරය ම දිගහැර තිබේ. අදාල නැන්දම්මා විසින් එය නියෝජ්‍ය පොලිස්පති වරුන්ගේ බිරින්දෑවරුන්ගේ සහ නැන්දම්මාවරුන්ගේ සංගමයට දන්වා ඇති අතර එයින් තොරතුරු සියළුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැනගෙන ඇත. නිවස තැනෙන්නේ ආර්ථික විද්‍යාවේ ඉහළට ම ගොස් සොයාගත් මුදල් වලින් ය.
සපත්තුත් නැති සැපයුමේ හොඳකම
මොහු ආර්ථිකය සවිමත් කරගන්නේ හීන් නූලෙන් බව අපි මීට පෙර කීවෙමු. එනම් මොහු 'ජරාව' ගන්නවා නම් ගන්නේ සූක්ෂම ලෙස තෝරා බේරාගත් පිරිසකගෙන් පමණක් බව ය. ඒ අනුව දැනට පොලිස් නිලධාරීන්ට සපත්තු ලැබී නැත. මාස 6කට වරක් ලැබිය යුතු සපත්තු දැනට අවුරුදු එක හමාරකින් ම ලැබී නැත. (පොලීසියේ රාජකාරි ස්වභාවය අප දන්නා බැවින් ඔවුන්ට සපත්තු නිතරම අළුතින් ලැබිය යුතුය. ඒ, ඔවුන්ගේ සපත්තු නිතර කැඩෙන බැවිනි. සැකකරුවන්ට දෙන පයින් පහරවල් ම නම් කීයක්ද ?) බැනියම් ලබා දී නැත. නිල ඇඳුම් ලබා දී නැත. මේ සියළු සැපයුම් නොදී රඳවාගෙන සිටින්නේ නි.පො.ප. ප්‍රියන්ත විසිනි. ඒ, ඒවා මිළ දී ගැනීම සඳහා ඔහුට ගැලපෙන සැපයුම්කරුවෙකු හමුවෙන තුරුය.
පූජිත හොරෙක් නම් නොවේ.
මෑතක දී නි.පො.ප. ප්‍රියන්ත විසින් ඔහුට හිතවත් සැපයුම්කරුවෙකු පොලිස්පති වරයා වෙත යවා තිබේ. එසේ යවා ඇත්තේ පොලිස්පති වරයා ද හීන් නූලෙන් ගනුදෙනුවට සම්බන්ධ කරගන්නා මෙන් උපදෙස් ලබා දීමෙන් අනතුරුව ය. පොලිස්පති පූජිත හමුවට ගිය සැපයුම්කරුවා වටින් ගොඩින් කතාවට බැස තමන්ටත් සැපයුම් වැඩ දෙන ලෙසත් තමනුත් ඊට ප්‍රතිඋපකාර කරනා බවත් කියා ඇත. එය ඇසීමෙන් කුපිත වූ පොලිස්පතිවරයා එම සැපයුම්කරුට තදින් බැණවැදී ඔහුව එතැනින් එළවාගෙන තිබේ. අප කොයිතරම් දරුණු ලෙස පොලිස්පති පූජිත ජයසුන්දරව විවේචනය කළ ද මීට අදාල ගෞරවය ඔහුට හිමි විය යුතුය. පූජිත හොරෙකු නොවේ. අපේ පාර්ශ්වයෙන් නිවැරදි කිරීමත් සහිතව ම කියන්නේ නම් 'පූජිත යනු නිකමෙක් වුවත් හොරෙක් නම් නොවේ'.
සැපයුම්කරුවෙකු පොලිස්පතිවරයාට ම පගාව දෙන්නට වහෙන් ඔරෝ කතා කළ ද පොලිස්පති පූජිත බැණ වැදී ඔහුව එළවාගත්තා විනා ඉන් ඉදිරියට ඒ ගැන සොයා බලා පරීක්ෂණයක් කරන්නට ගියේ නැත. අල්ලස් දීමට තැත් කිරීම ද වරදකි. එහෙත් පොලිස්පතිවරයා 'භාවනා කටයුතු' පිළිබඳව කාර්ය බහුල හෙයින් දෝ අල්ලස් ගැන වගේ වගක් නැත.
විශෙෂ විමර්ශනය සහ CIDය නින්දේ
මේ සියල්ල අතර ප්‍රියන්ත වීරසූරිය නියෝජ්‍ය පොලිස්පතිවරයා ගැන පොලිස් මූලස්ථානයට පැමිණිලි ද තොග ගණනින් ලැබේ. එහෙත් ඒවා ගැන පරීක්ෂණ නැත. පොලිස් විශේෂ විමර්ශන ඒකකයක් තිබෙන මුත් ඔවුන් පසුවන්නේ නින්දේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් ඇති මුත් ප්‍රියන්ත නි.පො.ප. සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පසුවන්නේ නින්දේය. එහෙයින් ම නි.පො.ප. ප්‍රියන්ත කාගේවත් බාධාවකින් තොරව අදටත් ආර්ථික විද්‍යාවෙන් සහ ජීව විද්‍යාවෙන් ඉහළට ම යමින් සිටී.
පූජිත විජේවීරට බයද ?
මේ සම්බන්ධයෙන් තවත් රහසක් තිබේ. ප්‍රියන්ත වීරසේකරට ඇති ලොකුම ශක්තිය වන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර ය. Secura Tec සමාගම මේ දෙපළගේ හොඳම සැපයුම්කරුවෙකි. ජගත් විජේවීරගේ නිර්දේශ මත පොලීසියට අවශ්‍ය සුනඛයන් සහ අශ්වයන් මිළ දී ගැනෙන්නේ එම සමාගමෙනි. එම මිළ දී ගැනීම් හරහා ද දෙදෙනා ම ආර්ථිකයේ ඉහළට ම යන බව සඳහන් ය. මේ දෙපළගේ සම්බන්ධය පොලිස්පති පූජිතට ද රහසක් නොවේ. එහෙත් ඔහු මීට කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා කෙරෙහි ඇති බිය නිසා විය යුතුය.
කෙසේ වෙතත් අප මෙහි මාතෘකාවේ සඳහන් කළේ 'පොලිස්පතිට ඔත්තුවක්' ලෙසිනි. ඇහේ ඇණි ඇණීත් පොලිස්පතිට නොපෙනෙන නි.පො.ප. (සැපයුම්) ගැන මෙන් ම තවත් ඔත්තුවක් අප මින් සපයා තිබේ. ඒ, අප පෙරකී ප්‍රියන්තගේ නිවසේ රහස සොයාගත් නි.පො.ප. නැන්දම්මා පිළිබඳව ය. නියෝජ්‍ය පොලිස්පති වරුන් පිළිබඳව විමර්ශනය කිරීමට වෙනම ම විමර්ශන ඒකකයක් පිහිටුවා එහි ප්‍රධානත්වය එකී නැන්දම්මාට දෙන්නට පුළුවන. ඒ කටයුත්තේදී නම් ඇය දැනට සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් වඩා හොඳ වනු ඇත.
COMMENTS