වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට පැමිණි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයෙන් නිසි විසඳුමක් නොලැබුණූ බැවි...
වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට පැමිණි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයෙන් නිසි විසඳුමක් නොලැබුණූ බැවින් අඟහරුවාදා (25) පෙරවරු 8 සිට පැය 24ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රයන් ජයලත් ශිෂ්‍යයා පැහැර ගැනීමට අදාලව රජය අපක්ෂපාතී ක්‍රියාමාර්ගයක් නොගැනීම, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට පිළිගත හැකි සභාපතිවරයකු පත්කිරිමට පියවර නොගැනීම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රිමිතිය ගැසට් නොකිරිම, සයිටම් ආයතනයට ශිෂ්‍යයන් බඳවා ගැනීම යන කරුණු මුල්කරගනිමින් එම වර්ජනය දියත් කරන බවද වෛද්‍ය සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් මාතෘ හා ළමා රෝහල් පිළිකා රෝහල්,හදිසි අනතුරු අංශ,හදිසි ප්‍රතිකාර ඒකකය,ඩෙංගු ප්‍රතිකාර ඒකකවල රෝගී සත්කාර සේවා බාධාවකින් තොරව සිදු කරන බවද ඔහු පවසයි.
COMMENTS